ප්‍රසංගයක් සඳහා කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි බලා පියාසර කිරීමට නියමිතව සිටි ගායන ශිල්පී චාමර රණවක අදාල ගුවන්යානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.
අධික ලෙස බීමත්ව සිටි ඔහු ගුවන් යානයට ගොඩවීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ අනුව ගුවන් යානයේ ප්‍රධාන නියමුවා විසින් තීරණය කර ඇත්තේ මත්පැන් පානය කර නොමනා ලෙස හැසිරුණු ගායකයා තවදුරටත් ගුවන් යානයේ තබාගෙන ඩුබායි බලා පියාසර කළ නොහැකි බවටයි. එය ප්‍රධාන නියමුවා ගුවන්තොටුපළ බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ගුවන් යානයෙන් ඉවත් කරන ලද චාමර රණවක කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන විගමන කටයුතු සඳහා වූ සටහන් අවලංගු කිරීමෙන් පසුව ඔහුව මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක පවසා ඇත්තේ ගුවන්යානය තුලදී තමන් කිසිදු අවස්ථාවක එහි කාර්යමණ්ඩලය සමග ගැටුමක් ඇතිනොකරගත් බවයි.
කෙසේ වෙතත් සිද්ධිය වූ දිනයට පසුදින චාමර රණවක ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
(nethnews)