අද (03) කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ එල් සෙගුන්ඩෝ (El Segundo) තෙල් පිරිපහදුවේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ගින්නෙන්, අසල පිහිටි ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙහෙයුම් වලට බාධාවක් නැතැයි, නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පිරිපහදුවේ හදිසි පිපිරීමක් වාර්තා වීමත් සමග ගිනි නිවීම් සහ අනෙකුත් සේවා වහා ඒ වෙත පිටත් කර යවා තිබේ. පුද්ගල අනතුරු පිලිබඳ තොරතුරක් නැතැයි පොලිසිය කියයි.
එල් සෙගුන්ඩෝ පිරිපහදුවේ දෛනික ධාරිතාව ඉන්දන බැරල 290,000 කි. පෙට්‍රල්, ගුවන් යානා ඉන්දන සහ ඩීසල් එහි ප්‍රධාන නිෂ්පාදන අතර වේ. ටැංකි 150කින් පමණ යුත් පිරිපහදුවේ සමස්ත ගබඩා ධාරිතාව බැරල මිලියන 12.5කි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/3/2025
Fire breaks out at Chevron's El Segundo refinery in Los Angeles
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
