Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කීර්ති තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනියෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලයි

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස දින 14 ඇතුලත රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ස්වාධීන ‍රූපවාහිනී සේවයට එන්තරවාසියක් යවා ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුළත් වූ අපහාසත්මක කරුණු 2025 ජනවාරි 09 දින පුවත් විකාශන මගින් ද, 2025.01.10 දින උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයා විසින් සිදු කරන ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක්  සිදු වූයේ යැයි එන්තරා වාසියේ දැක්වේ.

සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ ‘අන්තර්ගත වචන, ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර, එම චවන, ප්‍රකාශණ සහ පාඨ එනයින් ම අපහාසාත්මක වන බවත්, ( per se Defamatory) එසේම වක්‍රෝක්තියෙන් ද (By Innuendo) පැමිණිළිකරු කෙරෙහි අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේ දී වචන, පාඨ සහ ප්‍රකාශ ප්‍රකාශය පත් කරන ලද බව එන්තරවාසියේ දැක්වේ.  

එම කරුණු ස්වාධීන රූපවාහිනිය විසින් විකාශනය කර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මගින් විකාශනය කර බෙදා හරින ලද්දේ ද, පැමිණිළිකරු කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් බවත් (Express  malice), පීඩන චේතනාවෙන් බවත්, ( Animus Injuriandi) එමගින් ''පැමිණිලිකරු ශ්‍රී ලංකාවේ මහජනතාව සහ පොදු සමාජය ඉදිරියේ දූෂිතයෙකු වංචනිකයෙකු සහ අපචාරියෙකු බව හුවා දක්වමින් ශ්‍රී ලාංකික සමාජය තුළ වෛරයට අප්‍රසාදයට අවමානයට පිලිකුළට සහ අපහාසයට ලක් කිරීමේ අදහසින් බව’’  එන්තරවාසියේ දැක්වේ.

Screenshot 2025 10 12 170818