Language Switcher

Ad

Ad 01

V2025

කෙහෙල්බද්දර පද්මේ එක්ක සබඳතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ‍අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි.

මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනාගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලට අදාලව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.