ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී මහින්ද පරාක්‍රම දිසානායක වෙත භාර දෙන ලදී.
ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක සමුද්‍රීය සහ සැපයුම් ක්ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන රැසක් සමග ද කටයුතු කර ඇත. හෙතෙම ගරු පදනමින් මෙම නව තනතුරේ සේවයට එක්ව සිටී.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
