එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේදී උද්ඝෝශණයේ නිරත වෙමින් මාර්ග අවහිර කලේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිි විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (01) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්තාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.
2016 පෙබරවාරි 06 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝශණයක නියැලීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලීසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
(රොෂාන් තුෂාර)
Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
