ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කරන්න ඉල්ලූ අමෙරිකානු හමුදාවේ ඉල්ලීම ඉවතට

ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කරන්න ඉල්ලූ අමෙරිකානු හමුදාවේ ඉල්ලීම ඉවතට

අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසාර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳ නීති උපුටා දක්වමින් එරට විසින් මෙම ප්‍රතික්ෂේප කිරීම් සිදුකර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් ගුවන් යානා දෙකක් සඳහා ස්විට්සර්ලන්ත ගුවන් සීමාව විවෘත නොකර ඇති අතර තවත් යානා 3ක් සඳහා ගුවන් කලාපය විවෘත කිරීමටද එරට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධව නිවේදනය කරමින් ස්විට්සර්ලන්ත රජය සඳහන් කර ඇත්තේ නඩත්තු ගුවන් යානා සහ ප්‍රවාහන ගුවන් යානා සඳහා වූ ගුවන් ගමන් සඳහා සිය අවසරය ලබා දුන් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න