ශ්‍රී ලංකාවේ සන්නිවේදන, සමාජ, ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනයට කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය යොදා ගැනීමේ සහ නව ආයෝජන කැඳවා ගැනීමේ අරමුණ ජය ගැනීමට AI Week සතිය නමින්වූ ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 28 වෙනිදා සිට ඔක්තෝම්බර් 04 වෙනිදා දක්වා පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල් ආර්ථික ඇමැතිවරයා වශයෙන් මෙම ක්ෂේත්‍රයේ දියුණුව හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට මහත් ප්‍රතිලාභ ලබා ගැනීමට උරදෙන මෙම වැඩසටහන මහත් ඵලදායි එකක් වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න ප්‍රකාශ කළේ ය.
එරංග වීරරත්න මෙම අදහස් පළ කළේ කොළඹ 03, GovTech ශ්‍රවණාගාරයේ අද (05) පැවැති AI Week පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමට පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න...
ලෝකයේ වෙනත් දියුණු රටවල අත්දැකීම් එක්කර ගත යුතුයි
''ශ්‍රී ලංකාව වේගයෙන් AI තාක්ෂණය රටේ සෑම අංශයකම දියුණුවට භාවිතා කිරීමට හුරු වී තිබෙනවා. අපට ලෝකයේ වෙනත් දියුණු රටවල අත්දැකීම් එක්කර ගත යුතුයි. දැනුම එක්කර ගත යුතුයි. ඒ අරමුණින් මෙම සතිය පුරා ප්‍රධාන වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කරනවා. මහජනතාවට මෙය පිළිබඳව දැනුම ලබාදීමට ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. ඒ වගේම මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනවල සහභාගීත්වයෙන් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. එමෙන්ම නව නිපයුම් සහ නව සොයාගැනීම් සම්බන්ධයෙන් AI ආශ්‍රයෙන් කටයුතු කරන ආයතනවලට සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වෙනවා.''
ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ GovPay ආයතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය
''මෙවැනි කෘතිම බුද්ධිය පිළිබඳව ලංකාවට දැනුම ලබා දීමට පවත්වන මෙම ජාතික වැඩසටහන කාලීන අවශ්‍යතාවයක්. එය වඩාත් සාර්ථික කර ගැනීමට ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන් එක්ව තිබීම සතුටට කරුණක්.''
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය වර්ණ ශ්‍රී ධනපාල
''ශ්‍රී ලංකාවේ අනන්‍යතා රැක ගනිමින් කෘතිම බුද්ධිය ඔස්සේ රට යහපත් මගට ගෙනයෑමට හැකි නව නිර්මාණ බිහි කර ගැනීමට අප උනන්දු විය යුතුයි. තාක්ෂණයේ යහපත් භාවිතය සහ අයහපත් භාවිතය යනුවෙන් දෙයාකාරයකට ක්‍රියාත්මක වෙනවා. අප යහපත් භාවිතයකට හුරු විය යුතුයි. ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් ළමයින් දැනුවත් කොට ඔවුන් නිසි මගට ගැනීමට ක්‍රියා කළ යුතුයි.''
ශ්‍රී ලංකා ටෙලිකොම් මෝබිටෙල් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා
''කෘතිම බුද්ධි ජාතික සතිය හරහා ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙය අප අනුග්‍රහකත්වය ලබාදී සංවිධානය කරන ජාතික කටයුත්තක්. මෙම ක්ෂේත්‍රයේ දැනුම ඇති යුරෝපීය රටවල්, චීනය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ තවත් රටවල් ගණනාවක බුද්ධිමතුන් සහ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රීත ප්‍රමුඛයින් මෙයට එක්වෙනවා.''
ළමා මනස ආරක්ෂා කර ගැනීමට උපකාරීවන විශේෂ දේශනයක් තීක්ෂණ කුමාරගේ විසින් සිදුකරන ලදී.
AI Week සතියට අනුග්‍රහකත්වය දක්වන හුවායි ඇතුළු ලොව නන්දැරූ ආයතන කිහිපයක ප්‍රධානීහු, රජයේ නිලධාරීහු කිහිප දෙනෙකු සහභාගීවී සිටියහ.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
