Image

සැකකාර පොලිස් නිලධාරියකු ශරීර ඇප මත මුදා හරියි

සැකකාර පොලිස් නිලධාරියකු ශරීර ඇප මත මුදා හරියි

ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරියකු මෙලෙස ඇප මත මුදා හැර ඇත.

අද (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක විමර්ශන අංශය විසින් සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් සැකකරු ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ ය.

විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න