සිංගප්පූරුවේ A*STAR ආයතනයේ ආභාෂය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා රැසකට යොමුවෙයි

සිංගප්පූරුවේ A*STAR ආයතනයේ ආභාෂය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාකච්ඡා රැසකට යොමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල සිංගප්පූරුවේ සිදු කරන සංචාරය අතරතුර සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) සංචාරක නිරත වීමට ද කටයුතු කළේ ය.

විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තනි ඉහළ ආයතනයක්

මෙම සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස A*STAR හි ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කාරිත්ව නිලධාරී ක්‍රිස් ලෙක් සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ එල්වින් චියා ද හමු විය. එහි දී කළ සාකච්ඡාවලින් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස A*STAR හි නියෝජිතයින් හමුවේ කියා සිටියේ තමා බලයට පැමිණි පසු ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තනි ඉහළ ආයතනයක් (Sri Lanka Agency for Science Technology and Innovation) ස්ථාපිත කරන බවයි.

අවධානය යොමු කළ යුතු වැදගත් ම දෑ

A*STAR හි තමා කියවූ, අසා ඇති සහ පෞද්ගලිකව නිරීක්ෂණය කළ දේ ඒකාබද්ධ කර මෙකී කටයුතු මෙහෙයවන ආයතනයක අවශ්‍යතාව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙහි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකා ඒජන්සියක් නිර්මාණය කිරීම යෝජනා කළේ ය. ශ්‍රී ලංකාවේ දැනට පුළුල් ලෙස විසිරී ඇති අරමුදල් ඌනතාවයෙන් පෙළෙන සහ නිසි සම්බන්ධීකරණයක් නැති බහු පර්යේෂණ ආයතන ඇති බවත් මෙකී යෝජිත ආයතනය සඳහා කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් එහි දී ප්‍රධාන ක්ෂේත්‍ර වන කෘෂි-ජෛව තාක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, සහල්, තේ සහ පොල් පර්යේෂණය, පසු අස්වනු සහ සීතල දාම තාක්ෂණය, නිවර්තන සෞඛ්‍ය සහ ජෛව වෛද්‍ය විද්‍යාව, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උසස් නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික හා නිරවද්‍ය මෙවලම්, කෘතිම බුද්ධිය, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, රජයේ තාක්ෂණය, ස්මාර්ට් සැපයුම් සහ ආපදා පුරෝකථනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් මෙහි දී විපක්ෂ නායකවරයා ගෙනහැර දැක්වීය.

මේ ආකෘතිය ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු යි

එසේම A*STAR හි ගෝලීය වශයෙන් අගය කළ, මෙහෙවර සහ ක්‍රියාත්මක කළආකෘතිය, ශක්තිමත් රාජ්‍ය සහාය, කර්මාන්ත-පළමු ප්‍රවේශය සහ ජාත්‍යන්තර සහයෝගීතාව කෙරෙහි අවධාරණය ඉස්මතු කළේ ය. ඉන්දියාවේ CSIR සහ දකුණු කොරියාවේ KIST යනාදි සමාන ආයතන ද පවතින බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා මෙම ආකෘතිවලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ද සඳහන් කළේ ය. පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා සිංගප්පූරුවේ තිරසාර ආයෝජනය සඳහා, දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් රජය විසින් සහ තවත් 1% ක් පෞද්ගලික අංශය විසින් දායකත්වය ලබා දෙන බවත්, පැහැදිලි ජාතික දැක්මක් සහ ශක්තිමත් ආයතනවලට ඉහළ වටිනාකමක් ඇති ආර්ථික වර්ධනයක් කරා ගෙන යා හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ආකෘතිය ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

sajith singapur

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න