සැප්තැම්බර් උද්ධමනය ඉහළට

සැප්තැම්බර් උද්ධමනය ඉහළට

ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 2.1% දක්වා වැඩි වී තිබේ.

එය පසුගිය අගෝස්තු මාසයේ පැවැතියේ 1.5%ක මට්ටමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඊයේ නිකුත් කළ වාර්තාවට අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩි වී ඇත.

ඊට අමතරව අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 0.7% දක්වා වැඩි වී ඇතැයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

(ජේ. මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න