විගණකාධිපතිට 'බාලගිරි දෝෂය' - පෙබරවාරි 03ට ආපසු කල්යයි

විගණකාධිපතිට 'බාලගිරි දෝෂය' - පෙබරවාරි 03ට ආපසු කල්යයි

නව විගණකාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වන විශේෂ හමුවක් පසුගිය 31 වන දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ශාලාවේදී පැවැත්වූ නමුත් එහිදී විගණකාධිපති ධුරය සඳහා කෙනෙක් පත් කිරීමට එකඟතාවයක් ඇති වී නොමැති බව වාර්තාවේ.

මෙවර මෙම තනතුර උදෙසා ජනාධිපතිවරයා විසින් විගණන දෙපාර්තමේන්තුවේම නිලධාරිනියකගේ නාමය නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, මීට පෙරද ඇයගේ නම යෝජනා වූ අවස්ථාවේදී විවිධ වංචා හා දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් එය ඉවතදමා තිබුණි.

විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී වන ලංකාවේ 41 විගණකාධිපතිවරයා චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.

ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.

ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 10 කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ. ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම සභාවට මීට පෙර අවස්ථා හතරකදී නම් හතරක් යෝජනා කළ නමුත් එම නම් හතරම ව්‍යවස්ථාදායක සභාවේ
බහුතරය විසින් ප්‍රතික්ෂේප කළේය.

දෙපාර්තමේතුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස වසර 31 ක අඛණ්ඩ සේවා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල පසුවෙයි. ඔහුව මෙම උසස් ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් මහා සංඝ රත්නය, විවිධ ක්ෂේත්‍ර වල ප්‍රාඥයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ද පසුගිය සමය පුරා ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

(ඇත්ත පුවත්පත - විදුනෙත් සියඹලාපිටිය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න