මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව හිටපු විගනකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු මේ වන තෙක් ස්ථිර විගනකාධිපතිවරයෙක් පත්කිරීමට අනුර දිසානායක ජනාධිපතිවරයා අසමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (2026-01-31) පැවති මාධ්‍ය හමුවක දී ය.
විගනකාධිපතිවරයා විශ්‍රාම යැමෙන් ඉක්බිතිව ජනාධිපතිවරයා විසින් යවන ලද නම් කිහිපයක් ම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත්, මේ වන විට වැඩ බලන විගනකාධිපතිවරු ද පත් නොකරන්නැයි ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද දයාසිරි ජයසේකර පැවසී ය.

