සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහු ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලබන 28 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (17) නියෝග කළේ ය.
ඇප ලබා දිම සම්බන්ධයෙන් නියෝගය ද එදිනට ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා පැවසී ය.
එම අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම සඳහන් කර සිටියේ 2026/ජුලි/ 16 වන දා (ඊයේ) මෙම සිද්ධියට අදාළ දෙවන සැකකරු වන රඛිත නිර්මල රාජපක්ෂ විසින් දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් කොමිසමට ලබා දෙමින් ඇප ලබා දීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වාචිකව අද දින අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු නොවන බවත්, ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන බව ද සහකාර අධ්‍යක්ෂකවරිය අධිකරණයට දන්වා සිටියා ය.
තවද මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේ දී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් විසින් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන මහේශිකා මදුවන්ති නැමැත්ති ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා සිටියා ය. ඒ අනුව ඇය, ප්‍රකාශ ඇතුලත් විඩියෝ පටයක් අල්ලස් කොමිසම වෙත ඒවා ඇති බව සහකාර නීති අධ්‍යක්ෂකවරිය අධිකරණයට දැන්වූවා ය. අනතුරුව, හරක් කටා නමැත්තා ගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති විසින් ඒවන ලද එම වීඩියෝ දර්ශන පටයේ සඳහන්ව තිබු කරුණු සම්බන්ධයෙන් මෙලෙස අධිකරණයට කරුණු දැක්වූවා ය.
සහකාර අධ්‍යක්ෂක නීතීඥවරිය
සැකකරුවන් තිදෙනා මෙවැනි ම තවත් අල්ලස් සිද්ධියට සම්බන්ධයි
"ස්වාමීනි මෙම සිද්ධියට අදාළව හරක් කටා නමැත්තා ගේ බිරිඳ වන මහේශිකා මධුවන්ති, අපට වීඩියෝ පටයක් ලබා දී තිබෙනවා. එහි දක්වා තිබෙන පරිදි ඇය, මෙම අල්ලස් මුදල සැකකරුවන්හට ලබා දුන් බව පවසා තිබෙනවා. තව ද මෙම අල්ලස් මුදල ලබා දීම සම්බන්ධයෙන් කරන ලද දුරකතන ඇමතුම්වල පටිගත කිරීම්ද අල්ලස් කොමිසමට මහේශිකා මධුවන්ති එවා තිබෙනවා.''
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සහකාර අධ්‍යක්ෂක නීතීඥවරිය පවසා සිටියේ මෙම සිද්ධියට අදාලව ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වන බවයි.
"ස්වාමීනි, ලබාගත් අල්ලස් මුදල ස්වාමීන් වහන්සේ නමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වෙත ලබා දී ඇති බවට කරුණු අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා."
තව ද මෙම සැකකරුවන් තිදෙනා මෙවැනි ම තවත් අල්ලස් සිද්ධියට සම්බන්ධ වී ඇති බවට අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබි ඇති බව ද සහකාර අධ්‍යක්ෂක නීතීඥවරිය අධිකරණයට පවසා සිටියා ය.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ නිර්මල හර්බි විසින් ලබා දී ඇති ප්‍රකාශ අනුව පළමු සැකකරු ඉන්දියාවේ සිට දුරකථන ඇමතුම් ලබා දී මෙම ගනුදෙනුව ගැන විමසා සිටි බවයි.
සහකාර අධ්‍යක්ෂක නීතීඥවරිය
සැකකරුවන් තිදෙනා අතර 1300කට අධික ඇමතුම් හුවමාරු වෙලා
"ඉන්දියාවේ සිටිම සම්බන්ධයෙන් ආගමන විගමන වර්තා අනුව ද තහවුරු වෙනවා. 2023/3/4 මෙම සැකකරුවන් තිදෙනා AL 274 ගුවන් යානයෙන් ඉන්දියාවට පිටව ගොස් තිබෙනවා.2023/3/7 වන දින නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ඒ අනුව සැකකරුවන් තිදෙනා ම ඉන්දියාවේ සිටි බවට කරුණු අනාවරණය වෙනවා.
තව ද ස්වාමිනි, මෙම සැකකරුවන් මුල්‍ය හා වාණිජ ගනුදෙනු කර ඇති බවට සමාගම් මැදුරෙන් වර්තා ලබා ගත්තා. ඒ වර්තා අනුව විශාල සමාගම් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වුණා. දෙවන සැකකරු සමාගම් 9ක් සමග සබඳතා පවත්වලා. ඊයේ දිනයට පමණක් සමාගම් 9ක් සමග සබදතා පැවැත්වු බවට පමණයි විමර්ශනයකළ හැකි වුයේ. තව බොහෝ සමාගම් ගැන විමර්ශනය කරන්න තිබෙනවා.
කරන ලද දුරකථන විශ්ලේෂණ වර්තා අනුව මෙම සැකකරුවන් තිදෙනා අතර 1300කට අධික ඇමතුම් හුවමාරු වෙලා. තව ද මෙම සිද්ධියට අදාළව හරක් කටා නමැත්තා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැන ද විමර්ශනයක් කරනවා. මෙම සිද්ධියට අදාලව තොරතුරු ලබා ගැනීමට "
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් මෙලෙස කරුණු දැක්වූවා.
දෙවෙනි සැකකරු වන නීතීඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස පවසා සිටියේ ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා දිවුරුම් ප්‍රකාශයක් සමග අධිකරණයට ලිඛිත දේශනයක් ඉදිරිපත් කර ඇති බවයි.
වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළා
ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස
රාත්‍රී කාලයේ ඔහුගේ ඔක්සිජන් මට්ටම අඩු මට්ටමක
"ස්වාමීනි මගේ සේවා දායකයා ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ලිඛිත දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිලි පාර්ශවය සඳහන් කළා මගේ සේවා දායකයා සමාගම් වලට සම්බන්ධ බව සමාගම් සම්බන්ධයෙන් කරන විමර්ශන සම්බන්ධයෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඕන නැහැ. තව ද මේ වෙනකම් කිසිම අයෙකුට බලපෑමක් තර්ජනයක් කරලා නැහැ.
ස්වාමීනි දිවුරුම් ප්‍රකාශයේ දක්වලා තිබෙනවා මගේ සේවා දායකයා ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඉකුත් 28 වන දින අධිකරණයට දන්වා සිටියා මගේ සේවා දායකයා ස්ලිප් ඇප්නියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව. වෛද්‍යවරු පවා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. රාත්‍රී කාලයේ ඔහුගේ ඔක්සිජන් මට්ටම අඩු මට්ටමකට එන බව. ඔක්සිජන් අඩුවෙනවා කාබන්ඩයොක්සයිඩ් ලෙවල් එක ඉහළ මට්ටමට නගිනවා. මේ විදිහට දීර්ඝ කාලීනව තිබුණොත් ඔහුට ශොක් එකක් ඇවිත් හෘද ස්පන්දනයට අවහිර විය හැකියි. 2025 මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අනුව දැන් ඔහුගේ AHI අගය උපරිම අගයට ගිහිල්ලා.
ස්ලිප් ඇප්නියා උඩු දුවලා
බන්ධනාගාරය තුළ මෙම ස්ලිප් ඇප්නියා රෝගයට ගන්න ඕනි මැෂින් එක නැහැ. ශරීරයට ඔක්සිජන් යවන මැෂින් එකක් තමයි මගේ සේවා දායකයා නිවසේ දී පාවිච්චි කරන්නේ. හැමදාම රෑට ඒක පාවිච්චි කරනවා. ඔහු නිදාගන්නෙත් ඉතා අමාරුවෙන්. යම් අවස්ථාවක හුස්ම අරන් නතර වෙන්නත් පුළුවන්. හෘද රෝගී තත්ත්වයකුත් තිබෙන නිසා ස්ලිප් ඇප්නියා උඩු දුවලා. බන්ධනාගාර ගත වුණාට පස්සේ මොහුට ඒ මැෂින් එක පාවිච්චි කරන්න ලැබිලා නැහැ. මොකද පෙෂර් එක වැඩි මැෂින් එකක් තමයි භාවිතා කරන්නේ. මොහුට ඔක්සිජන් බලෙන් දෙන්න වෙලා තියෙන්නේ. මෙම රෝගය නිසා මොහුගේ ශරීරයේ වැදගත් අංග වන හෘද වස්තුව, මොළය නොදැනුවත්ම ප්‍රතිකර්ම කළ නොහැකි තත්ත්වයට පත්විය හැකි.
තවද ස්වාමීනී අධිකරණයට ලබා දීලා තියෙන පෙන්ඩ්‍රයිව් එකේ සඳහන් වෙලා තියෙනවා. මාධ්‍ය වැඩසටහනක් තුළ හිටපු ඇමති විජයදාස විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් කරන ලද සංශෝධනයක් නිසා මත්ද්‍රව්‍ය ග්රෑම් 10 යට වැඩි විශාල ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා ඇප ලබා ගැනීමට නොහැකිව. මේ සම්බන්ධයෙන් එම රැඳවියන් ඉන්නේ විශාල තරහකින් එම නිසා මගේ සේවා දායකයාට බලපෑමක් විය හැකි බැවින් සුදුසු ඇප කොන්දේසියක් මත ඇප ලබාදෙන්න" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මොහුට අවුරුදු 1 1/2 තුන්නිවුන් දරුවන් සිටිනවා
පළමු සැකකරු වන චරිත වසන්ත කුමාර අබේසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණයේ ප්‍රකාශ කර සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වලංගු නොවන කරුණු කිහිපයක් තිබෙන බවයි.
ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණයට වැඩිදුරටත් මෙලෙස කරුණු දැක්වුවා.
ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න
"මෙම පැමිණිල්ල නිර්ණාමික එකක් තව ද අල්ලස් නඩුවක දි නඩු භාණඩ තිබිය යුතුයි. එම අල්ලස් මුදල් හුවමාරු වෙද්දි අත් අඩංගුවට ගැනිමකුත් නෙවෙයි මෙය. එම මුදල් ලබා ගද්දි අත් අඩංගුවට ගැනිමක් වී නැහැ. මගේ සේවාදායකයා හෘද ආබාධ රෝගයෙන් පෙළෙනවා. ඔහුට ඔහුගේ එම හෘදයාබාධයට ගන්නා ලද බෙහෙත් සෑම විටම ලබා ගත යුතුයි. එම බෙහෙත් දැන් දවස් ගානක් ලැබි නැහැ. ඔහු ගේ ජිවිතයට හානියක් විය හැකි යි. තව ද මොහුට අවුරුදු 1 1/2 තුන්නිවුන් දරුවන් සිටිනවා. මොහු ගේ බිරිඳට දරුවන් තනියම බලාගන්න බැහැ. එක දරුවෙක් මෙම සිදුවීම නිසා තාත්තා නොදෙක සිටීමට නොහැකි වීමෙන් කතා කිරීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා. එම නිසා මගේ සේවා දායකයාට සුදුසු ඇපයක් ලබාදෙන්න."
එයලා ගේ ජීවිතයට හානි වෙන්න පුළුවන්
තුන්වන සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගීත් කරුණාරත්න පවසා සිටියේ.
"මෙම මුදල් උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙනවා කියලා තමා මගේ සේවා දායකයාට චෝදනා ගොනුකර තිබෙන්නේ. එම උණ්ඩියල් ක්‍රමයට කොහොම ද ගෙනාවේ කියලා කිසිදු වැඩිදුර අනාවරණයක් කරලා නැහැ තවම. එම සම්බන්ධයෙන් කිසිදු විමර්ශයක් සිදු කර නැහැ ස්වාමිනි. තව ද මෙම සැකකරුව රක්ෂිත බන්ධනාගාගත බාරයේ තියන එකෙන් එයලා ගේ ජීවිතයට හානි වෙන්න පුළුවන් සෘජු බලපැමක් තිබෙනවා. එයලා ගේ ජිවිතය සම්බන්ධයෙන්. එම ජිවිත අවධානම සුවිශේෂි ලෙස සලකා ඇප ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.''
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පළමුවැනි සහ දෙවන සැකකරුවන් ගේ ඇප ඉල්ලිම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 23 වන දිනට පෙර අල්ලස් කොමිසමට ගොනු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් අධිකරණයට දන්වන ලෙස ද නියෝග කකළේ ය.
නඩුව ලබන 28 නැවත කැඳවිමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
