රජය කටයුත් කළේ ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි (විඩියෝ)

රජය කටයුත් කළේ ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි - බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි (විඩියෝ)

2023 පිරිවිතරවලට ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවයි රජය ක්‍රියා කළ බවත්, ටෙන්ඩර් ක්‍රමවේදය හෝ පිරිවිතර වෙනස් නොකළ බවත්, ගල් අගුරුවල ගුණාත්මක තත්වය පිළිබදව විශේෂ තත්වයක් මතුවුවහොත් කළ යුතු දේ ටෙන්ඩර්/ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තිබෙන බැවින් රජය වැඩ කළේ ඒ අනුව යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදස් දැක්වූ අමාත්‍යවරයා...

සමහරු කතා කරන්නෙ හිටපු රෙජිමය වෙනුවෙන්

''ගල් අගුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු විසඳීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු යි. ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙස මම විපක්ෂ මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටිනවා.
කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබූ සමාගමක් එම සම්බන්ධතා භාවිතා කරමින් ගල් අගුරු සැපයීම සිදුකරමින් සිටියා. මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගි වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වුණා. සමහරු කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්.

හදිසි මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදු වෙන්නෙ නැහැ

එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල් අගුරු මිලදී ගැනීමක් සදහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දී තිබෙනවා. එලෙස මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදු වෙන්නෙ නැහැ. දැනට නැව් තොග 6ක් වරායට පැමිණ තිබෙනවා. පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය තරමට තිබෙනවා.
එබැවින් වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.''

ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න