හිටපු ජනාධිපති පුත්‍රයින් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ ඔසාඩා ප්ලාන්ටේෂන් යන සමාගම සතු Kelly Group දොළොස් බාගේ අක්කර 135ක තේ ඉඩම හා 1918 ඉදි කරන ලද අක්කර භාගයක පමණ බංගලාව සහිත දේපළ අයථා ලෙස අත්පත් කරගෙන ඇති බැවින් විමර්ශනයක් කරන ලෙස අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.
මිය ගිය අරුණ විතානගේ (කජ්ජා) විසින් නෙවිල් නැමති පුද්ගලයෙක් හරහා 2021-12-11 දින ඔසාඩා ප්ලාන්ටේෂන් (සමාගම් මැදුරේ ලියාපදිංචි අංකය PV 61746) සමාගමේ අධ්‍යක්ෂකවරුන් වශයෙන් A. S. රිසාර්ඩ්, M. S. මොහොමඩ් සාමී, M. S. M රිසාඩ් යන පුද්ගලයින් යොදාගෙන මෙම වතුයාය යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ අත්පත් කරගෙන ඇති බව මෙම ලේඛන පරීක්ෂා කිරීමේ දී පෙනී යන බවත්, මෙම ඉඩමට අදාළ 1386 දරණ ඔප්පුව සහ 876 දරණ පිඹුර සහ පත්තිරු ද අප සංවිධානයට ලැබී ඇති බැවින් එම සියලු ලේඛන ඉදිරි පරීක්ෂණයකදී ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව එම පැමිණිල්ලෙහි දක්වා ඇත.
එම නිසා මේ පිළිබද කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය වශයෙන් ම මෙම දේපළ රාජපක්ෂවරු අයථා ලෙස රැස් කරන ලද වත්කම් ද කියා සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන ලෙස එම සංවිධානය කොමිසමෙන් ඉල්ලා ඇත.
අක්කර 135 කින් යුත් තේ වත්තක් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මුස්ලිම් පුද්ගලයින් තුන්දෙනෙක් යොදවා අයිති කර ගෙන ඇති බවට කරුණු දක්වමින් තම සංවිධානයට නිර්නාමිකව ලැබුණු ලේඛනවලට අනුව ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
