යාපනය තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නවතම තත්ත්වය

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නවතම තත්ත්වය

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5දෙනා යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

අද (21) උදැසන තිස්ස විහාරය ඉදිරිපස පිරිසක් විරෝධතාවයක් පවත්වන බවට තොරතුරු ලැබී තිබු බවත් එහිදි පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද ගෙන තිබු බවත් පොලිසිය පවසයි.

අදාළ අධිකරණ නියෝග නොතකා පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථාන භූමියට ඇතුළුවීමට උත්සහ කළ බවත් එහිදි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කර සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් පැවසූවේ තමන් ඇතුළු පිරිසක් විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා අද (21) විරෝධතාවයක් පැවැත්වු අතර, එහිදි පොලිස් නිළධාරීන් විසින් විරෝධතාකරුවන්ට විහාරස්ථාන ගේට්ටුව තුළින් විහාරස්ථානයට ඇතුළුවීමට අවස්ථාවක් නොදුන් බැවින් නොසන්සුන්කාරි තත්වයක් හටගත් බවයි.

අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් 5දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු ද වන බවත් පොලිසිය කියා සිටියි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද විහාරස්ථානයේ ඉදිකිරීම් නවත්වන ලෙසට හා විහාරස්ථාන සීමාවේ පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවැත්විණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න