සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහනේ රාජ්‍ය සේවක සුවතාවය උදෙසා පවත්වනු ලැබූ තවත් එක් ජංගම සෞඛ්‍ය සායනයක් මෙරට පැරණිතම සහ විශාලතම පුවත්පත් ප්‍රකාශන ආයතනය වන ලේක්හවුස් (Lake House - Associated Newspapers of Ceylon Limited) ආයතනයේ දී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ගේ ප්‍රධානත්වයෙන් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන ඇතුළු නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් අද (15) පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ පුර්ණ මඟපෙන්වීම සහ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය සහ ලේක්හවුස් අන්තර් සමාගම් සේවක සංගමය ඒකාබද්ධව සංවිධාන කරන ලද මෙම ජංගම සායනය ‘Healthy Sri Lanka’ – ‘සුවපත් රටක් උදෙසා’ වැඩසටහන යටතේ ක්‍රියාවට නංවන ලද්දේ 65 වැනි ‘ආරෝග්‍යා’ ජංගම සුව සායන වැඩසටහන ලෙසිනි.
ලේක්හවුස් ආයතනයේ දහසකට නොමිලේ ඖෂධ
මෙහිදී අක්ෂි සායනය, සුවනාරි සායනය, දන්ත සායනය, දියවැඩියා සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ටරෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්විණි.
මෙම ජංගම සෞඛ්‍ය සායනය මගින් සෞඛ්‍ය සේවා ලබාගැනීමට පැමිණි ලේක්හවුස් ආයතනයේ දහසකට ආසන්න රාජ්‍ය සේවකයින්ගේ රෝග පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ප්‍රධාන රෝහල්වල සායන වෙත යොමු කිරීමටත් පියවර ගත්තේ ය.
නොමිලේ සායන රැසක්
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙහි දී අදහස් දක්වමින්: සෞඛ්‍ය, ජනමාධ්‍ය අමාත්‍යාංශ දෙක එක අමාත්‍යාංශයක් ලෙස පැවතීම හේතුවෙන් ලැබුණු අනර්ඝ ප්‍රතිලාභයක් ලෙස මෙම ජංගම සායනය පෙන්වා දිය හැකි බව පැවසූ අතර, පසුගිය කාලය තුළ රාජ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතන මෙම ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත්, නොමිලේ සායන රැසක් සමගින් පවත්වනු ලබන මෙම ජංගම සායනය මගින් සුවපත් ජනතාවක්, සුවපත් කාර්ය මණ්ඩලයක් බිහි කිරීමට කටයුතු කරන බැවින් සේවක මණ්ඩලයට නිරෝගීව ප්‍රශස්ත සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි.
මෙම ආරෝග්‍යා ජංගම සුව සායන වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් ගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක වූ අතර. ඔහු කියා සිටියේ ලේක්හවුස් ආයතනයේ පවත්වනු ලැබූ ජංගම සායනය 65 වන ආරෝග්‍යා ජංගම සෞඛ්‍ය සායනය බවයි.
මීළඟ ආරෝග්‍යා ජංගම සුව සායන වැඩසටහන සෙනසුරාදා (18) දින ජනබලවතනය සංවිධානයේ ඉල්ලුම පරිදි බෝකුන්දර පුබුදුවීලා උත්සව ශාලාවේ දී ද, 25 දින දාන ශ්‍රී ලංකා ආයතනයේ ආරාධනය පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ කොරස රණසිංහ මහා විද්‍යාලයේ දී ද පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) චාමර ජනරාජ් පීරිස්, අධ්‍යක්ෂ (මූල්‍ය) චන්න කෙවිටියගල, කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල යන අය ඇතුළු ලේක්හවුස් ආයතනයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් - ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
