ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ සැලසුම් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ප්‍රකාශිත ය.
පසුගියදා බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට අනුව මේ බව හෙළි වී ඇති අතර, ඒ අනුව, ගෙවීගිය 2025 වසරේ සැලසුම් කළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙ.වොට් 1848ක් වූ අතර, එය අභිභවමින් මෙ.වොට් 2695ක් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සමත් වී තිබේ.
එමෙන්ම ඉදිරි වසරවල ඉලක්කගත ධාරිතාව වඩා ඉහළ ප්‍රමාණයක් දැනටමත් ගිවිසුම්ගත වී ඇති බව ද මෙහි දී හෙළි විය. එහි විස්තර පහත පරිදි වේ.
2026 - පුරෝකථනය මෙ.වොට් 2078 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත කර ඇති ප්‍රමාණය මෙ.වොට් 3089.5කි.
2027 - පුරෝකථනය මෙ.වොට් 2563 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 3822.5කි.
2028 - පුරෝකථනය මෙ.වොට් 3253 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4332.5කි.
2029 - පුරෝකථනය මෙ.වොට් 3943 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4634.5කි.
ඒ අනුව, 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිභවමින් කටයුතු කළ හැකිවනු ඇතැයි හෙළි විය.
බලශක්ති අමාත්‍යවරයා මෙම තොරතුරු හෙළි කළේ පසුගියදා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) එස්.ශ්‍රී. බවානන්දරාජා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ශාන් මොහොමඩ්
මාධ්‍ය ලේකම් - බලශක්ති අමාත්‍යංශය


