කිසියම් දේශපාලන කණ්ඩායමක් බලයට පත් කිරීම නමැති කරුණ සඳහා පුරවැසියන් තමන්ගේ භූමිකාව සීමා කරගෙන ඇතැයි කෘතහස්ත සාහිත්‍ය පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Prathichara - ප්‍රතිචාර you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු සහභාගිත්ව පදනම මත කටයුතු කරන ක්‍රමයක් බවත් ඒ සඳහා සියලු පාර්ශ්වවල සහභාගිත්වය ලබාගත යුතු බවත් මෙහි දී ගාමිණී වියන්ගොඩ පැහැදිලි කළේ ය.

