මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ හතරවැනි සාක්ෂිකරුව වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි නැවත සාක්ෂියට කැඳවන ලෙස අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන අය ගෙන් සමන්විත නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද නඩුව කැඳවී ය.
පසුගිය නඩුවාරයේදී රජයේ අධිනීතිඥ වසන්ත පෙරේරා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ මෙම නඩුවේ හතරවැනි සාක්ෂිකරු ගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවත් ඊට අදාළව නියෝගයක් නිකුත් කරන ලෙසත් ය. ඊට විත්තිකරුවන් ගේ පාර්ශ්වය විරෝධතා ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලිමෙන් අනතුරුව අද (24) නයනා සෙනවිරත්න ගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ල හතරවැනි සාක්ෂිකරු නැවත ලබා ගැනීමට ඒකමතිකව නියෝග කළා. හතරවැනි සාක්ෂිකරු ගේ සාක්ෂිය ලබා ගැනීම සඳහා දිනයක් එළඹෙන අගෝස්තු අධිකරණ නිවාඩුවෙන් පසු ලබා දෙන බව ද නිවේදනය කළා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අගෝස්තු 07 කැඳවීමට නියමිත ය. එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකු නම්කර තිබෙනවා.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සහ මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
