Image

“කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව” - ජොන්ස්ටන් ප්‍රනාන්දු

“කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව” - ජොන්ස්ටන් ප්‍රනාන්දු

“ජනාධිපතිතුමා කියනවා බදු ගැහුවේ නැහැ, බදු අඩු කෙරුවා කියලා. හැබැයි බදු ගණනාවක් වැඩි කරලා තියෙනවා. ජීවන වියදම දවස ගානේ වැඩි වෙනවා. මේවා මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිළිගත් ආයතනවලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න බැහැනෙ.

ඊළඟට බලන්න රාජ්‍ය ආයතන කීයක් අද පාඩු ලබනවද කියලා. බිලියන ගානක් පාඩු ලබනවා. ඒ නිසා කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ කොටුව අධිකරණය අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු,

“කන්ටේනර් පන්නපු කේස් එක ඉඳලා පැමිණිලි කීයක් නම් දාලා තියෙනවද? ඒ පැමිණිලිවලට මොකක්වත් සිද්ධ වෙනවා පේනවද? සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ දෙයක්. ඒක දැනෙන්න තියෙන දෙයක්.

සමහර අය උසාවියට දානවා කෙලින්ම, සමහර අය අරගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරවනවා. ඉතින් මේ යම් යම් ආයතන, අධිකරණය නෙමෙයි, අනිත් ආයතන මේවා පාවිච්චි කරනව මර්දනය කරන්න.

භාණ්ඩගාරය පිරිලා කියලා ජනතාවට තේරෙනවාද? ජනතාවගේ බඩට හොඳට තේරෙනවද? භාණ්ඩ මිල සම්පූර්ණයෙන්ම වැඩි වෙලා. අධික බදු.

ජනාධිපතිතුමා කියනවා බදු ගැහුවේ නැහැ, බදු අඩු කෙරුවා කියලා. හැබැයි බදු ගණනාවක් වැඩි කරලා තියෙනවා. ජීවන වියදම දවස ගානේ වැඩි වෙනවා. මේ මහ බැංකුවෙන් දාන දත්ත, ඒ වගේම විවිධ පිලිගත් ආයතන වලින් දාන දත්ත එහෙනම් බොරු වෙන්න ඕනනේ. ඊළඟට බලන්න රාජ්‍ය ආයතන කීයක් අද පාඩු ලබනවද කියලා. බිලියන ගානක් පාඩු ලබනවා.

ඒ නිසා කිසිම පරිපාලනයක් තේරෙන්නේ නැති කයිවාරු ගහන ආණ්ඩුවක් විතරයි මේ ආණ්ඩුව.

අපේ කාලෙත් සමහර ඒවා පාඩු ලැබුවා, සමහර ඒවා ලාභ ලැබුවා. ලාභ ලබන තත්වයට දියුණු කෙරුවා. දැන් සතොස ආයතනය ගත්තාම අපි ලාභ ලබන තත්ත්වයට ගෙනාවා. මුළු අවුරුදු පහේම එක අවුරුද්දක්වත් අපි පාඩු ලැබුවේ නැහැ.

ඔය කරන එකේ කෙරුවාව පේනවානේ. ප්‍රතිඵලය මොකක්ද කියලා. සතොස ආයතනයකට ගිහිල්ලා බලන්න තියෙන භාණ්ඩ මොනවද කියලා, ඒ භාණ්ඩවල මිල ගණන් බලන්න, පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ සංසන්දනය කරලා.

අපි මිල පාලනය කරගත්තා ඒ කාලෙ. ජනතාවට පුළුවන් තරම් අඩුවට සතොසෙන් භාණ්ඩ ලබා දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දුන්නා. හැබැයි එහෙම තත්ත්වයක් නැහැනේ

දේශපාලන වශයෙන් ගන්න පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග හැම දෙයක්ම අපි පක්ෂයක් හැටියට ගන්නවා. අපි මේ මර්දනයට බය වෙන්නේ නැහැ. මේ මර්දනයට අපි මුහුණ දෙනවා.

මේ ආණ්ඩුවට නඩු දාන්න විතරයි පුළුවන්. සාක්ෂි හදලා ඉවරලා, ඔවුන්ගේ නිලධාරීන්ම පාවිච්චි කරලා, සාක්ෂි හදලා බොරු නඩු දානවා. මේකට තමයි කියන්නේ රාජ්‍ය සම්පත් විනාශ කරනවා කියන එක. මේ වගේ ඒවා හොයන්න ඕනේ කවදාහරි.” යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේය."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න