ප්‍රතිරෝධී ප්‍රතිචාර උත්සන්න කරන බවට උතුරු කොරියාවෙන් තර්ජන

ප්‍රතිරෝධී ප්‍රතිචාර උත්සන්න කරන බවට උතුරු කොරියාවෙන් තර්ජන

එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක සාකච්ඡා පිලිබඳ දැඩි විරෝධය පල කරන බව, උතුරු කොරියාව අද (08) නිවේදනය කළේය.


දකුණු කොරියාවට එරෙහි විරෝධතා උත්සන්න කරන බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍ය, නෝ ක්වඞ් චෝල් (No Kwang Chol ) පැවසීය. එක්සත් ජනපදයට අයත් යුද  ගුවන්යානා රැගෙන යන න්‍යෂ්ටික ශක්තියෙන් බල ගැන්වෙන යුද නෞකාවක් දකුණු කොරියාවට පැමිණීමද හෙතෙම දැඩි විවේචනයට ලක් කළේය.

 ඊයේ (07) උතුරු කොරියාව නැගෙනහිර මුහුදු තීරය බලා බැලස්ටික් මිසයිලයක් ද  එල්ල කළේය.

උතුරු කොරියානුවන්ට සහ සමාගම්වලට එරෙහිව සම්බාධක පනවන බව එක්සත් ජනපදය පවසයි. උතුරු කොරියානුවන්  සයිබර් අවකාශයේ මුදල් විශුද්ධිකරණ අපරාධ සිදු කරන බව එක්සත් ජනපද චෝදනාවයි.

උතුරු කොරියානු බැලස්ටික් මිසයිල අත්හදා  බැලීම, අද, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශයේ විවේචනයට ලක් විය. උතුරු කොරියාව විසින්, එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක කතා බහ විවේචනය කිරීම කනගාටුවට කරුණකැයි, එහි දැක්වේ.

එක්සත්  ජනපදයේ හා දකුණු කොරියාවේ ආරක්ෂක ප්‍රධානීන්, පසුගියදා උතුරු හා දකුණු කොරියානු දේශ සීමා නිරීක්ෂණයේ යෙදීම සහ එම ද්වීපාර්ශ්වික ආරක්ෂක සාකච්ඡා,  උතුරු කොරියාවේ දැඩි විවේචනයට ලක්ව පවතී.

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ආරක්ෂක සන්ධානය ප්‍රත්‍යක්ෂව උතුරු කොරියාව ඉලක්ක කර පිහිටුවන ලද්දක් බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) අඟහරුවාදා (04) පැවසීය.  කෙසේ වුව, දකුණු කොරියාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදා, කලාපීය තර්ජන පිලිබඳ විමසිල්ලෙන් පසුවන බවද හෙතෙම කියා සිටියේය.

එම සන්ධාන ගත ක්‍රියාන්විතයන්ට  එරෙහි දැඩි ප්‍රතිචාර දක්වන බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍ය, නෝ පැවසීය. සතුරු තර්ජනයට එරෙහිව සාමය ආරක්ෂා කර පවත්වා ගැනීමේ පදනම මත, උතුරු කොරියාව සිය අප්‍රමාණ  ශක්තිය යොදා කටයුතු කරන බව  බව හෙතෙම අවධාරණය කළේය.

පසුගිය දා, දකුණු කොරියාවේ සංචාරයක  නිරත වූ එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක, කිම් ජොඞ් උන් හමුවීමේ සිය නොතිත් ආශාව ප්‍රසිද්ධියේම  පුන පුනා දැන්වීය. එහෙත් ඉන් ඵලක් නොවීය.

ජනපති ට්‍රම්ප්ගේ දකුණු කොරියා සංචාරය අභිමුව,  උතුරු කොරියාව, කොරියානු අර්ධද්වීපයේ බටහිර ඉලක්ක කර කෘස් මිසයිලයක් ද අත්හදා බැලීය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/08/2025


North Korea threatens 'offensive action', condemns US-South Korea security talks


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න