පුවත්

2022 දී ආණ්ඩුව පෙරළනවා : මරික්කාර් සහතික වෙයි !
පවතින ආණ්ඩුව 2022 නව වසරේදී අනිවාර්යෙන් පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මේ ආණ්ඩුවේ සිදුවන වංචා දූෂණවලට වරදකරුවන්ට එරෙහිව නව ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.
ඩීල් හෝ ඩීල් දමන පුද්ගලයන් සමගි ජන බලවේග නව ආණ්ඩුවේ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

කාබනික වගාවෙන් මහින්දානන්දගේ ප්‍රතිරූපයට හානි වෙලා !
කෙතරම් අභියෝග ආවත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජයෙන් ගනු ලැබූ ඉතා හොඳ තීරණයක් නිසා රජයත්, ජනාධිපතිවරයාත් සමඟ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
මේ නිසා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට බරපතල ලෙස හානි සිදු වුවත් මෙමඟින් රටට සහ ජනතාවට වන යහපත ගැන සිතා මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොසැලි රාජ්‍ය නායකයා සමඟ සිට ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.
තමන් මීට පෙර අමාත්‍යාංශ කිහිපයක අමාත්‍ය ධුර හොබවා ඇතත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ හැමටම වඩා මාෆියාවන් ක්‍රියාත්මක වන තැනක් බවද පොහොර, වී වැනි ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ඇති නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.
“මේ අමාත්‍යාංශයේ ඉතා දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් ඉන්නවා. නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන පිරිසක් ඉන්නවා. බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින එවැනි පුද්ගලයින් නිසා තමයි මේ අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ. මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයාත් ඉතා හොඳ දක්ෂයෙක්. ඔහු රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කැමැත්තෙන් කටයුතු කළා. ඒක කරන්න ඉඩ නොදී ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට ඉඳන් බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක්. මේ අදිසි හස්තය ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන.” යැයි ද අමාත්‍යවරයා කීවේය. මේ වසරේ ඉඳලා මේ අමාත්‍යාංශය මෙහෙයවීමේ වගකීම ලේකම්වරයා බාර ගන්න ඕනේ. මම අමාත්‍යවරයා විදියට ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවාට රජයේ අනුමැතිය ලබා දීමට කටයුතු කරනවා. අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීම ප්‍රගතිය සමාලෝචන කර මාස් පතා ප්‍රගති වාර්තා ලබා දීම ඇතුළු සියලු කටයුතු ලේකම්වරයා විසින් ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.
ඉකුත් වසර කාලය තුළ අපි විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවද ඉකුත් යහපාලන සමයේ විනාශකර දමා තිබු ජනවසම ඇතුළු ආයතන හතරක් මේ වන විට ලාබ ලබන තත්ත්වයට පත්කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තමන් කිසිඳු නිලධාරීයෙකුට බලපෑම් නොකරන බවද රජයේ රෙගුලාසි සම්බන්ධයෙන් නිලධාරීන් තමන්ට ලබා දෙන උපදෙස් පිළිගනිමින් ඒ අනුව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය. මුළු රටම කෘෂිකර්ම අමාත්‍යාංශය දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා සැලසුම් සහගතව අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වෙන්න ඕන. ඉකුත් වසරේ අමාත්‍යාංශයට ලැබුණ රුපියල් මිලියන 75ක මුදලවත් වියදම් කරන්න බැරිව තිබෙනවා.
අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වා ගන්නත් පෞද්ගලිකව තමන්ට ලොකු වෙහෙසක් දරන්නට සිදු වූ බවද ඉදිරියේදී මේ සියලු අඩුපාඩු මඟහරවා ගෙන නව ලේකම්වරයා සමඟ කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ද ලේකම්වරයා සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු සිදු කර රජය අපේක්ෂිත ආකාරයට යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට පූර්ණ දායකත්වය ලබා දිය යුතු බවද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් මිරිස් ආනයනය 100%ක් 2024වන විට නතර කළ යුතු බවද අල හා ලූණු ආනයනය 35% දක්වා සීමා කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය. තමන් මීට පෙර අමාත්‍ය ධුර හෙබවූ විදුලිබල අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශවල රටේ ආර්ථිකයට වාසිදායක වෙනස්කම් රැසක් ඇති කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද එවැනි වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවද කී අමාත්‍යවරයා කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය, කෘෂිකර්ම දත්ත තොරතුරු පද්ධතිය වැනි වැදගත් කාර්යයන් ඉතා කඩිනමින් නිමකර හරිත කෘෂිකර්ම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සියලුදෙනා කැපවිය යුතු බවද අමාත්‍යවරයා කීවේය.

සපුගස්කන්ද පිරිපහදුව යළි වැසේ....
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ජනවාරි 0=3 වනදා සිට වසා දමන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විදේශ විනිමය අර්බූදය හේතුවෙන් බෙරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතා මත එලෙස වසා දමන ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ජනවාරි 30 වැනිදා සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාව දිගු කාලීන බොරතෙල් සැපයීම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති සිංගප්පූරු සමාගමෙන් බොරතෙල් සැපයීම ආරම්භ වන්නේ ජනවාරි 26 වනදා සිටයි.
බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ද පිරිපහදුවේ භාවිතා වන මර්බන් වර්ගයේ බෙරතෙල් මිලදී ගැනීමේදී දින 90 ට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතු බවත්, හදිසි මිලදී ගැනීම් ලෙස විකල්ප බොරතෙල් මිලදී ගැනීම ද විදේශ විනිමය හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බව ත් අදාළ නිවේදනයේ සඳහන් ය.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටී ඇති හෙයින් ණය පදනමින් බොරතෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බවයි.
කෙසේ වෙතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් රටේ පෙට්ට්‍රල් අවශ්‍යතාවෙන් 14 % සහ ඩීසල් 29 %ක් පමණක් සපයන බැවින් තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය අදාළ නිවේදනය මගින් සහතික වී සිටී.
News1st

කොවිඩ් මරණ 14,962ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,962කි.

මහින්ද කැන්සල් කරපු ඩුබායි සංචාරයේ: අලුත් විස්තරේ මෙන්න !
ඩුබායිහි පැවැත්වීමට නියමිතව ඇති එක්ස්පෝ 2020 මහා වෙළෙද ප්‍රදර්ශනය බොහෝදුරට අත්හිටුවීමට තීරණය කෙරෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රබේදය එරට ව්‍යාප්ත වීම හේතුවෙන් සහ එක්ස්පෝ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ආසාදිතව සිටීම මීට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ලබන 03 වැනිදා මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට සැලසුම් කර තිබුණද ඊයේ එම සංචාරය හදිසියේම අත්හිටුවීමට ඒ මහතා පියවර ගෙන තිබිණ.
mawrata

රිවර්ස් වෙච්ච අලුත්ම ගැසට් එක මෙන්න !
අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ පවසයි .
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහාත් හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහාත් මිස භාෂණයේ නිදහස සීමා කිරිමට නොවන බවද ලේකම්වරයා සඳහන් කරයි.
මෙම නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ බවත් එම නීතිය සම්පාදනයේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශය අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දුන් බව ලේකම්වරයා සඳහන් කරයි.
එම යෝජනාව සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවද අවධානය යොමුකරමින් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා තමන්ට උපදෙස් දි ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

වාසු බය වෙයි ?
කැබිනට් සාමූහිකත්වය නොමැති අමාත්‍යවරුන් ඉන් ඉවත් වියයුතු බව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීමත් සමග ආණ්ඩුවේ සිටි කැරලිකාර අමාත්‍යවරයකු වූ වාසුදේව නානායක්කාර බියවී ඇති බවක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයන් පවසයි.
වාසුදේව නානායක්කාර ගේ අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ නිකුත්කළ නිවේදනයක් පදනම් කරගෙන දේශපාලන විචාරකයන් මේ බව පෙන්වා දෙයි.
ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජන මාධ්‍ය වල පල වුණු දේ ගැන. මේ ජන මාධ්‍ය මොනවද නිතරම කරන්න හදන්නේ. මේ නිවුස් කියන එක අය මවන්නේ මොකක්ද, ආන්දෝලනාත්මක කරුණු වලින්. ආන්දෝලනයට ලක් වෙන කරුණු තමයි නිවුස්. ඒවා පල කරන තරමට තමයි පත්තර වල තියෙන උනන්දුව වැඩිවෙන්නේ. ජන මාධ්‍ය ගැන උනන්දුව ඇති වෙන්නේ. ඒ නිසා ඒවා මව මවා පුළු පුළුවන් හැටියට ඒවා ලොකු මහත් කරලා පෙන්වමින් ඉදිරිපත් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඔබ ඊයේ පෙරෙදා දැක්කේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජන මාධ්‍යකරුවන් කැඳවා, ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම්, අස්වෙලා යනවා නම් ඒ එගොල්ලන්ගේ කැමැත්තක්. මම එගොල්ලන්ව අස්කරන්න යන්නේ නෑ යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.
ජල සම්පාදන අමාත්‍යතුමන්ගේ රත්නපුර දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යතුමා මෙම අදහස් පල කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමන්,
අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා. එතකොට දැන් මේ දවස් වල කථාකරන වචනයක් තමයි, ඉංග්‍රීසියෙන් කියනවා Collective Responsibility සාමුහික වගකීම කියලා කබිනට් එකේ ඉන්නකොට. මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් එකෙන් බැඳ තිබෙනවා. ඒක තමයි සාමුහික වගකීම කියන්නේ. එය එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊටත් පරණ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා.
අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිහ මොකක් ද කියලා. සංගායනාව, සාකච්ඡාව, සම්මුතිය මේක මං හිතන්නේ අපේ පන්සල් වල සංඝයා වහන්සේලා අතර පුහුණු කරන දෙයක් විනය කර්මයේ දී. සාකච්ඡාව තමන්ගේ වැරදි එළිපිට කථා කිරීම අවසානයේ එක සම්මුතියකින් විසිර යාම. ඉතින් ඒ නිසා අපිට අපේ පරණ ප්‍රතිපත්තිය අනුව සම්මුතිය අපි කවුරුත් ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන අපි අවංකව කථා කරමින් අපි කවුරුත් එකඟ වෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැදෙන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ.
ඒ නිසා අපි මේ වේලාවේ අපි තුන්දෙනා වෙනුවෙන්ම කියන්න ඕන අපි ඇමතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකටද පිටවෙන්නේ. මේක අපි හැදුව ආණ්ඩුව. එදා මහින්ද සුළඟ අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මේ අවසාන ප්‍රතිඵලයක්. ඉතින් මේකට මේ තරම්ම අපි ජීවිතය දිය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ගැන මගේ ස්ථිර වචනය ඒ බව කියමින් මේ කාර්යයට අද සහභාගී වෙච්ච හැම දෙනාටම මාගේ හද පිරි භක්තියෙන් මම ස්තුතියි පුද කරනවා.
රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයින් රැසක් ද පොදු ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ නිළධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වීය.

ආහාර හිඟය එනවා සත්තයි : අමරවීරත් පිළිගනියි !
ආහාර හිඟයක් ඇති වන බව කී කෘෂි විශේෂඥයනට බැන වැදීමෙන් ඵලක් නැති බවත් ඔවුන් මීට පෙර කී අනාවැකි නිවැරදි බව ඔප්පු වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මීට පෙරද කෘෂි විශේෂඥයන් අනතුරු ඇගවූ අවස්ථාවල ආහාර හිගයක් ඇති වූ බවත් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් සූදානමකින් කටයුතු කල බවත් අමාත්‍යවරයා පැවසීය .
ගිය කන්නයේ දී ගොවීන් මුණ පෑ තත්ත්වය පිළිබඳව තමන් ගොවීන් ගෙන් සමාව ඉල්ලූ බවත් මේ කන්නයේදීත් එවැනි තත්වයක් ඇති නොවන්නට වැඩ කරන්නැයි ඉල්ලා සිටි නමුත් අවාසනාවකට එක වරක් නොව දහස් වරක් ගොවීන් ගෙන් සමාව ඉල්ලන්න සිදුවන තරම් වැරදි අඩුපාඩු සිදුව ඇති බවත් ඔහු පැවසීය.
ලේකම්වරුන් මාරු කිරීමෙන් හෝ ඔලුගෙඩි වෙනස් කිරීමෙන් කෘෂිකර්මය පිළිබඳ පවතින ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් දීර්ඝකාලීන දැක්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රීලනිප විමල් වාසු ගම්මන්පිල පාර්ශ්වයට නාමල්ගෙන් රතු එළියක් !
කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවයි.
යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දෙයි.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ඒ අනුව යුගදනවිය ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇතුළු පිරිසකි.

අවම බස් ගාස්තුව රුපියල් 17යි : ලබන බදාදා සිට ක්‍රියාත්මකයි
ලංගම සහ පෞද්ගලික අවම බස් ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
එම තීරණය ලබන බදාදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
ඒ අනුව රුපියල් 14 දක්වා තිබූ අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම තීරණය ජනවාරි මස 5 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

කොවිඩ් මරණ 14,944ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,944කි.

ත්‍රි'මලේ තෙල් ටැංකි වෙනුවෙන් : ගම්මන්පිලගෙන් අලුත් සමාගමක් !
Trinco Petroleum Terminal Ltd නමින් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව සමාගමක් පිහිටවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු සඳහන් කළේ, දැනට IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බවයි.
එම තෙල් ටැංකිවලින් කොටසක් රජයට ලබාගැනීම සඳහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එම කටයුතු ඉදිරි මාසය ඇතුළත අවසන් කර ගැනීමට හැකි වෙතැයි අමාත්‍ය උදය ගම්මන්පිල විශ්වාසය පළ කළේ ය.
මීට පෙර අමාත්‍යවරයා පවසා තිබුණේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියාව වෙත පවරා ඇති බවයි.
මේ වන විට ඒ ප්‍රකාශය සහ ගම්මන්පිල අමාත්‍යවරයා ගේ නව සමාගම අතර පරස්පරය සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙමින් පවතී.

කබ්‍රාල් ඩොලර් මවයි !
අද (29) වන විට ශ‍්‍රි ලංකාවේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසයි.
ඒ බව සඳහන් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්වීටර් පණිවිඩයක් නිකුත්කර ඇත.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.
මෙසේ නිල විදේශ සංචිත ප‍්‍රමාණය ඉහළ ගියේ කෙසේදැයි මහබැංකු අධිපතිවරයා මෙතෙක් විස්තර කර නැතත්, චීනයෙන් ලැබීමට නියමිතව තිබුණු ඇමරිකානු ඩෙලර් බිලියන 1.5 ක ණය මුදල ලැබීම මීට හේතු විය හැකි බව මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් පවසයි.
කෙසේ වුවත් මේ හරහා එදා වේල ගතකිරීමට, එනම් අත්‍යවශ්‍ය ආහාර ප්‍රමුඛ භාණ්ඩ ආනයනය මිස වෙනත් කිසිදු ප්‍රතිලාභයක් නැති බවත් ඔවුන් පවසයි.
මේ වන විට මෙරට අංක එකේ ආර්ථික විශේෂඥයන් IMF යාම හරහා අර්බුදය කළමනාකරණය කරගන්නට යෝජනා කරන නමුත් , ආණ්ඩුව ඒ නොතකා ක්‍රියාත්මක වීම ආර්ථික විද්‍යා මූලධර්ම හරහා තේරුම් ගන්න දුෂ්කර බවත් මූල්‍ය වෙළෙඳ පොල විශ්ලේෂකයන් අවධාරණය කරයි.

රට බංකොලොත් : දශමයකින් ගොඩගන්න බෑ - පාඨලී
මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, රාජපක්ෂ පවුල විසින් බව ලෝකයා හමුවේ දැන් පැහැදිලිව ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් මාස ගණනාවක් යනතුරු විවිධ අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් ලේකම්වරුන් ලෙස පත් කරගැනීමට නොහැකි වූ බවය. ඉන් පැහැදිලි වන්නේ මේ රට ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සූදානමක නොසිටි බව යැයි ද හෙතෙම අවධාරණය කළේය.
“එතුමා විසින්ම කිහිප දෙනෙක්ගෙන් යුතු කමිටුවක් පත් කරලා, රටේ ඉන්න වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලීමක් කළා. එවන්න ඔගොල්ලන්ගේ අයදුම්පත්‍ර මේ සුදුසු රාජ්‍ය ආයතන කරගෙන යන්න කියලා ඒ සාමාජිකයෙක් ප්‍රකාශ කරලා තිබුණා අයදුම්පත්‍ර දහස් ගානක් ලැබී තිබුණයි කියලා. ඒ අයදුම්පත්‍රවලට වෙච්ච දෙයක් අද වෙනකන් අපි කවුරුවත් දන්නේ නෑ ඊළඟට පරණ පුරුදු විදිහට ඒ රාජ්‍ය ආයතන වලට දේශපාලන හිතවතුන් ඒ වගේම ඡන්ද ව්‍යාපාරයට දායක වෙච්ච ඇතැම් වෘත්තීයවේදීන් පත්කළා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා බොහෝ ස්ථානවලට වැදගත්ම ස්ථානවලට යුද හමුදාවේ සහ ආරක්ෂක අංශවල නියැලිලා හිටපු පිරිස් වල පත් කිරීම් කළා. මේකත් මේ රටේ තිබිච්ච තත්ත්වයක්. ඒක තමයි මේ යුද හමුදාවේ හිටපු දක්ෂ නිලධාරීන්ට රට කරගෙන යන්න පුළුවන්ය දේශපාලන වශයෙන් කුරුවල් වෙච්ච පරිපාලන සේවාවේ හෝ වෙනත් සේවාවන් වලට වෘත්තීයවේදීන්ට වඩා කියන මිත්‍යාව මේ රට තුළ ස්ථාපිත කරලා තිබුණා. දැන් ආපසු හැරිලා බලනකොට රට බංකොලොත්භාවය කරා ගෙනිහින් ඉවරයි. මේ රට දැන් ගලවාගත නොහැකි බංකොලොත්භාවයක් කරා ගෙනිහින් ඉවරයි. ඒකට මේ රජයේ නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ.
විශේෂයෙන්ම කාබනික ගොවිතැන අසාර්ථක වීමේ වගකීම ජනාධිපතිවරයාත් ඔහුගේ උපදේශකවරුත් කෘෂිකර්ම ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් භාරගත යුතු දෙයක්. මොකද ඒක මේ මහපොළොවේ කරන්න බැරි දෙයක් බව ඒ ගැන ප්‍රකාශ කරපු දවසේ ඉඳන් අපි ප්‍රකාශ කළා. මොකද ඒ සඳහා ඒ කාබනික පොහොර සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ශ්‍රමය එවා නිර්මාණය කරන්න යැවෙන ඉඩම් ඒ වගේම ඒවා නිර්මාණය කරන්න යන කාලය ඒ වගේම විශේෂයෙන්ම එමගින් අස්වැන්නට ඇතිවන බලපෑම කියන මේ කාරණා සියල්ලම විසි දෙලක්ෂයක් ගොවිතැනේ හා වැවිලි කර්මාන්තයේ නියැලිලා ඉන්න ගේ ජීවිත ගැන හිතලා රටේ ඉඩම් වලින් තුනෙන් එකක් එක්ක සෙල්ලම් කරන්න එපා රටේ ලක්ෂ දෙසිය විස්සක් වන ජනතාවකගේ කුසගින්න පිළිබඳ කාරණය ගැන රටට ඩොලර් උපයන තේ වගාව ඒ වගේම පොල් වගාව රබර් වගාව කුරුඳු වගාව එක්ක, සෙල්ලම් කරන්න එපා කියන පණිවිඩය අපි ලබා දුන්නා. අද මොකක්ද සෝචනීය තත්වය.
මේ රටට ආක්‍රමණිකයො පැමිණියා. කාලිංග මාඝ, ඒ වගේම රොබට් බ්‍රවුන්‍රිග්. ඒ වගේම කළාටත් වඩා විශාල ව්‍යසනයක් සිදු කර හමාරයි මේ රටේ ගොවිතැනට, වැවිලි වගාවට, අර බ්‍රිතාන්‍යයන් ඇතිකරපු වැවිලි වගාවටත්, සිදුකර හමාරයි. මේ රජය, මේ රාජපක්ෂවරු. ඇත්තටම මේ රටේ අසමත් වෙලා ඉන්නේ වියත්මගේ කට්ටිය විතරක් නෙවෙයි. මේ රටේ අසමත් වීමට ප්‍රධානම හේතුව සියලුම ප්‍රධාන අමාත්‍යාංශ ප්‍රධාන ස්ථාන අරක්ගෙන ඉන්න රාජපක්ෂ පවුලේ ක්‍රියාදාමය.
පළමුව ඔවුන් කිසි කෙනෙක් නිසි අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි. දෙවනුව ඔවුන් කිසි කෙනෙකුට රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රමාණ්වත් අත්දැකීමක් විශේෂයෙන්ම ජනාධිපතිවරයාට නෑ. තුන්වනුව ඔවුන්ගේ එකම ඉලක්කය මේ ජාවාරම්කාර ක්‍රියාදාමය එක්ක කටයුතු කරමින් රාජ්‍ය පාලනය අවුල් කිරීමයි. අද මේ රට ලබන වසරේ යම් හෙයකින් බංකොලොත් වුණොත් තව දශකයක් යනකම්වත් මේ රට ගොඩගන්න හම්බ වෙන්නේ නෑ. මතක තබා ගත යුතුයි.
ග්‍රීසිය බංකොලොත් වුණේ 2010. අද මේ වෙනකන් ග්‍රීසියට එයින් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ලෝකයේ දියුණු යැයි සම්මත රටක්. ඒ වගේම යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ආජන්ටිනාවත් එහෙමයි. විටින් විට ගොඩ එමින් නැවත යටයමින් යන තත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා තිස් අවුරුදු යුද්ධයෙන් රට මුදාගත්තායි කියූ අය ප්‍රභාකරන් කළාටත් වඩා, වියරු ව්‍යසනයක් මුළු රටටම සිදුකොට හමාරයි. සුනාමි ව්‍යසනයටත් වඩා වියරු ව්‍යසනයක් මේ රටට සිදුකොට හමාරයි. ඒ වගේම මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහෝ පිරිසකටත් ඡන්දය ලබා දුන් බොහෝ පිරිසකටත් දැන් මේ ව්‍යසනය තේරුම් ගොස් හමාරයි.
ඒ නිසා අන්‍යයන් මත දොස් කියන්නේ නැතුව මෙහි වගකීම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුදල් ඇමතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලත් භාරගත යුතුයි. අද මේ ඇතිවෙලා තිබෙන ණය අර්බුදය ණය ආපසු ගෙවීමේ රාජපක්ෂවරු 2005-15 කාලේ ගත්ත වාණිජ ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වීම පිළිබඳ අර්බුදයක්. ඒ වාණිජ ණය කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති වරායවල්, ගුවන් තොටුපළවල්, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගන ඒ වගේම නෙළුම් කුළුණ වල ආයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද ඒ ඉදිකිරීම් බුබුල පිපිරී යන බවත්, මේ ණය අපට බරපතළ ලෙස ආපසු ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙන බවත් අප පෙන්වා දුන්නේ අද ඊයේ නෙවෙයි. 2016 වර්ෂයේ
ඒ වගේම මේ සංවර්ධන ක්‍රියාදාමය ඇස් කඩා වැටෙන ආකාරයට විස්තර කළත්, මාධ්‍ය ප්‍රචාර දුන්නත්, මේවා යට තිබිච්ච, දැවැන්ත වංචාවන් අද මුළු රටම මුළු ලෝකයම දන්නවා. මේ රට අතිශය බැරෑරුම් මූල්‍ය අර්බුදයක් කරා ගෙනගියේ, මේ රාජපක්ෂ පවුල බව පැහැදිලියි.
අද අපේ ගොවිතැන විනාසයි. රට සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා. රට මූල්‍යමය බුන්වත් වීම කරා ගෙන යමින් තිබෙනවා. ඒ තුළ මුළු රට හිඟන රටක් බවට පරිවර්තනය වීමේ අනතුර තියෙනවා. ඒ වගේම නැවත වෙන කවුරු හරි රට ආපසු ගත්තත් ගොඩ නගන්න බැරි විදිහට රටේ වටිනා සම්පත තෙල් සම්පත, තෙල් ටැංකි සම්පත ඒ වගේම ඛනිජ සම්පත් ඒ වගේම සුළං බලය ඒ වගේම වරාය, විදුලි බලය, තෙල්, ගුවන් තොටුපොලවල් ආදී සම්පත් කොළඹ නගරයේ වටිනා ඉඩම් විදේශ බලවේග වලට කුණු කොල්ලයට ලබාදීමට දැන් කටයුතු කරමින් යනවා. මේ සියල්ලෙන්ම ට නැවතත් ආර්ථික සමාජීය වශයෙන් යටත් විජිතයක් බවට පරිවර්තනය වෙමින් හමාරයි.
ඒ නිසා අසමත් වී ඇත්තේ මේ රටේ ජනතාවත් ඒ වගේම මේ රටේ වෘත්තීයවේදිනුත් නොවෙයි අසමත් වී ඇත්තේ පරාජය කර වී ඇත්තේත් සම්පූර්ණයෙන්ම මේ රට මේ තත්ත්වයට පත් කොට ඇත්තේත් රාජපක්ෂ පවුල.
අද රට පුරා ජනතාව අතරින් ස්වයංවම නැගෙන හූ හඬින් පෙන්නුම් කරන්නේ ඒ පිළිකුලත් ඒ වෛරයක් බව ඔවුන් වටහා ගත යුතුයි. ඒ නිසා මෙරට ගලවා ගැනීමට, මේ රට බංකොලොත් උනොත් යළි මේ රට බේරා ගන්න බෑ. මේ රට ගලවා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට එන විදිහට අපි මේ රටට ආදරය කරන, දූෂණයට ගැති නොවිච්ච, ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයේ සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” යනුවෙන් පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
– media unit

මෙහෙම ගියොත් ටික දවසකින් කෑම කන්නත් එපා කියයි - සජිත්
ආණ්ඩුව ආව දවසේ ඉදලා, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ජනතාව මීට වඩා කැපකිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරු කියන බවත්,එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැපකිරීම් කරන්න යැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැතැයි ඒ මහතා පැවසීය. ආණ්ඩුවේ පිරිසක් ජනතාවට “ටිකක් කන්න කියන බවත්
තව සමහරු” එක වේලක් අඩු කරලා” කන්න කියන බවත් කී විපක්ෂ නායකතුමා
තව ටික දවසකින් ” කන්න එපා.”කියා කියනු ඇතැයිද කීය.
ජනතාව කැපකිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැපගැනීම බව කී විපක්ෂ නායකතුමා මේ ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් බවද කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (28) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” තුන්වෙනි දිනය ආරම්භ කළේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවට යමිනි.
නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ ” පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.
– media unit

ගම්මන්පිල ගේම ඉල්ලයි : ඉතිං අයින් කරන්න !
ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් මෙම සිද්ධිය නොමැති වුවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් අමාත්‍යවරයා කීය.
යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.
තමන් ඇතුළු අමාත්‍යවරු තිදෙනා වැරැද්දක් නොකිරීම හේතුවෙන් ඉල්ලා අස්වුවහොත් වැරැද්දක් කළ බවට පිළිගැනීමක් බවට පත්වන බවත් පැවසූ අමාත්‍යවරයා තමන් කළේ හරි දේ යැයි ස්ථාවරය අදටත් දරණ බවත්ය.
ඵිවිතුරු හෙළඋරුමයේ නායක සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ කළ විශේෂ විමසුමකදී මෙසේ පවසා ඇත.
‘යුගදනවි’ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණයේ නඩු පැවරීම වැරදි වැඩක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ (27) පවසා තිබුණි.

රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට දන්වලා !
ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට අයත් සියලු ප්‍රධානීන් ඉල්ලා අස්වන ලෙස නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි වාර්තා කරන්නේ ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුරවලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව ය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වන බවත් ඒවායේ සඳහන් වෙයි.
සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ යි.
මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.

බස් ගාස්තුවත් ඉහළට
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට සැලසුම් කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.
මේ යටතේ අවම බස් ගාස්තුව ද වැඩි කිරීමට නිර්දේශ කර ඇති බව ඔහු පැවසී ය.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ මෙම වාර්තාව පදනම් කර ගනිමින් හෙට (29) සිට බස් ගාස්තු වැඩි කරන බවයි.
Page 260 of 336