පුවත්
ෆොන්සේකා ජන්ද එපා කියා අරගලයම ඉල්ලයි !
ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි බවත් දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර "අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම අවශ්‍ය බවත් අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු බවත් සඳහන් කර ඇත.
එසේම ඊට අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද මන්ත්‍රීවරයා පවසා ඇත.
රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයිද නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද පවසා ඇත.
GLව උඩින් යවන්න : පොහොට්ටුවේ සූදානමක් !
පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් උඩින් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක අද (22) පැවසීය.
පක්ෂ මුලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වුවත් එවැනි දෙයකට හදිසියක් නොමැති බවත් ජී එල්ව සභාපති තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.
පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
කෙසේ වුවත් ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසා සිටියේ හැකිනම් තමන්ව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බවය.
ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ..
ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ සහභාගී වූ අවස්ථාවේ දී ය.
නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.
අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.
’’රජ්‍ය සේවකයින්ට පඩි නොගෙවා සිටින් නෑ’’ - ඇමති බන්දුල
ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටී.
රජයේ ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉහත ප්‍රකාශය කළේය.
අනුකම්පා භූමිකම්පා වෙයි : GL පොහොට්ටුවෙන් ගේම ඉල්ලයි !
හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි .
ජී.ඒල්. පීරිස් මන්ත්‍රීවරයා මෙසේ අභියෝග කර සිටියේ ඊයේ (20) මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.
ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසා සිටියේ වෙනත් දේශපාලන ගමනක නිතර වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් , පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත්, ජී.එල්. පීරිස් ගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවය. එසේම පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව ඔහු සභාපති ධූරයෙන් ඉවත්කිරීමට ඉදිරියට කටයුතු කරන බවය.
සාගර කාරියවසම් ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ජී එල් පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් ඉවත් කිරීමට තීරණය ගෙන නොමැත්තේ නීත්‍යානුකූලව එසේ සිදු කිරීමට නොහැකි නිසා බවය.
මේ අතර සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසා සිටියේ ජී.එල් . පීරිස් මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ සභාපති ධූරය තවමත් දරන්නේ ඔහු සම්බන්ධයෙන් අනුකම්පා කිරීමට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගෙන ඇති තීන්දුවක් නිසා බවය.
ජාත්‍යන්තරයේ සහය පැතිරෙයි : ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 15 ක ආහාර පරිත්‍යාගයක් !
ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පීඩාවට පත්වූවන් වෙත ඉක්මනින් බෙදා හැරීමට නියමිතය.
සහල් මෙටි‍්‍රක් ටොන් 600ක මෙම සහල් තොගය සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයේ කොටසක් වන අතර ආහාර පරිත්‍යාගයේ ඉතිරි කොටස ළ`ගදීම දිවයිනට ල`ගාවීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක ගණනාවක දිගු මිත‍්‍රත්වයක් පවතින අතර, පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකාවට ලබා දෙන මෙම පරිත්‍යාගය අප දෙරට අතර පවතින හොඳ හිත තවදුරටත් ඉදිරියට ගෙන යයි.
මිල වැඩිවීම්, රැකියා අහිමි වීම් සහ ආදායම් අඩුවීමෙන් පීඩා විඳින ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබා දීම සඳහා අපි ලෝක ආහාර වැඩපිළිවෙලට සහාය ලබා දෙන්නෙමු” යැයි ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පැවසීය.
ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් පළමුවෙන්ම දායකත්වය ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාව වන අතර, එමගින් පවතින අර්බුදයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින්නන්ට බොහෝ ආධාර ලබා දීමට අපට හැකිවිය” යනුවෙන් පැවසූ ලෝක ආහාර වැඩපිළිවෙලහි ශී‍්‍ර ලංකා නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා, ඕස්ටේ‍්‍රලියාවේ මෙම නොමසුරු පරිත්‍යාගය හරහා අපි ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් සහ පාසල් ළමුන් ඇතු`ඵ වඩාත් අවදානමට ලක්වී සිටින අය සඳහා මුදල් සහ ආහාර ද්‍රව්‍ය ආධාර ලබා දෙන්නෙමු” යැයි තවදුරටත් පැවසීය.
ශී‍්‍ර ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, ලෝක ආහාර වැඩපිළිවෙල මගින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයන් පෙන්වා දෙන්නේ හදිසි ආධාර නොලැබුනහොත් ඉදිරි මාසවලදී මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය. ජූනි මාසයේදී ලෝක ආහාර වැඩපිළිවෙල මගින් දියත් කරන ලද හදිසි ආධාර ලබාදීමේ ප‍්‍රතිචාරය යටතේ, දැඩි ලෙස අවදානමට ලක්ව සිටින මිලියන 3.4 ජනතාවට උපකාර කිරීමට අරමුණු කර ඇත.
Media
රජය කරන හොඳ වැඩට සෑම සහයක්ම දෙනවා : එරාන් පොරොන්දු වෙයි !
මේ අර්බුද අවස්ථාවේ දී රජය විවේචනය කරන්න එපා යැයි ඇතැම් අමාත්‍යවරු ඉල්ලා සිටිය ද වග කිව යුතු විපක්ෂයක් වශයෙන් විවේචනය කළ යුතු අවස් ථාවලදී අපි රජය විවේචනය කරන්න වෙන බවත් විපක්ෂයේ ඉන්න ගමන් රජයේ හොඳ වැඩවලට හැකි සෑම සහායක්ම දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර වැඩි දුරටත් මන්ත්‍රී වරයා " රජය විවේචනය කිරීමට පළවැනි හේතුව රට අර්බුදවලට ඇද වැටුනේ රජය ගත් වැරදි තීරණ නිසා, මේවට වග කිව යුත්තන් කවුද ?" යනුවෙන් ද ප්‍රශ්න කළේය .
2019 දී බදු අඩුකළා බදු නිදහස දුන්නා. අය වැය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2021 දී ආදායම 13.5 % සිට ද. දේ. නි.ප්‍රතිශතයක් ලෙස 8.7 % ට බැස්සා. දාහත් ලක්ෂ පන් දහසක් (1,705,000) වූ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ පහකට අඩු වුණා. ලක්ෂ 11 ක් වූ උපයන විට බදු ගෙවන අයගේ සංඛ්‍යාව 32,000 දක්වා අඩුවී තිබෙනවා.
යහපාලන රජය හඳුන්වා දුන් ආදායම් බදු පනත නිසා එක් වසරකින් ආදායම් බදු 38 % කින් රු. බිලියන 310 සිට රු.බි 427 ට ඉහල ගියා. එහෙත් එම කාල වකවානුවේ සුරා බදු වල අඩුවීමක් තිබෙනවා.එදා සුරා බදු ආදායම රු බි 484 සිට 399ට පහලට ගියා. සුරා බදු සමාගම් සහ දේශපාලනඥයන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ගනු දෙනු තිබූ බව චෝදනාවක් තිබෙනවා. මේ හරහා රු බිලියන 45 ක් පමණ රජයට ආදායම් අඩුවූ හෙයින් එදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් සතයක්වත් නොගත් බව කී වික්‍රමරත්න මහතා මේ ගැන ඉදිරි අය වැයට ප්‍රතමයෙන් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මේ රටේ දුම් කොල බදු ආදායම් ඇස්තමේන්තුව රු බිලියන 92 ක් වූ වද දුම්කොල ආශ්‍රිත රෝග නිසා වන සෞඛ්‍ය වියදම් ඩොලර් බිලියන 214 ට වඩා වැඩි යැයි ඇස්තමේන්තු කර තිබෙනවා.මෙයින් ඩොලර් බිලියන 115 ක් පමණ රටට අවාසියක් තිබෙනවා.එනිසා සුරා බදු ආදායම නිසි ලෙස ගණන් බලා බදු අයකිරීම් කළ යුතුයි. නිලධාරීන් හා දේශපාලකයන් එකතු වී රට වෙනුවෙන් කළ යුතු දෙය වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස ඉටු කර නොමැති බැවින් මේවා නිසි ආකාරයට කරන ගමන් වැරදි කරුවන්ට දඬුවම් දීම ද අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.
2018 ව්‍යවස් ථා කුමන්ත්‍රණය හා 2019 සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී දල දේශීය නිෂ්පාදනය අඩු විය. බදු අඩු කිරීම ගැන පමණක් නොව රට අස් ථාවර කිරීමට වග කිව යුත්තන් කවුරුන්දැයි සොය බැලීම ද රජයේ වග කීම වනවා. විදේශ සංචිතය 2014 පැවති ඩොලර් බිලියන 8.2, 2019 වන විට 7.6 ක් වූ නමුදු 2020 අප්‍රේල් වන විට හිඳී රටම බංකොලොත් වී යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ රට බංකොලොත්වීම ගැන වග කිව යුත්තන් කවුරුන් දැයි රටට කියන්නැයි මා රජයෙන් ප්‍රසිද්ධියේ අසනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.
දූෂණයට, හොරකමට, අක්‍රමිකතාවලට හසු වුවහොත් රට යළි ගොඩනැගිය නොහැකි බව නව ජනාධිපතිවරයාට සහ රජයට අනතුරු ඇඟවීමක් කරමින් මුදල් වගකීම් සම්බන්ධයෙන් වගකිව යුතු පාර් ලිමේන්තුව නොමග යවමින් විකෘති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන නිලධාරීන් පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. 2020 වසර තුළ අයවැය හිඟයේ නිල අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6% ක් බව සිහිපත් කළ හෙතම මුදල් පදනම් මත ගිණුම් ක්‍රමය යටතේ 2020 වසරේ වියදම් කළ රුපියල් බිලියන 420 ක් 2019 වසරේ වියදම්වලට මාරු කර එය වංචනික ලෙස පෙන්වා ඇතැය් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය .
ඩයනාගෙන් සුපිරි යෝජනාවක් !
වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු බවත් සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතු බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ (අද ) පාර්ලිමේන්තුව අමතමින් වන අතර රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද අවධාරණය කළාය.
එහිදී රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි.
කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ.කංසා වලට තියෙන්නේ අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ.
රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා.
අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ.මම "නයිට් ලයිෆ්" ගැන කතා කළා.නයිට් ලයිෆ්" කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ.කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද?
රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා.
එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.
ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිවත් හමුවෙලා !
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්විණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 18 වැනිදා එක් වූ අතර එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.
ත්‍රීපෝෂ විෂ කතාව බොරුවක් : බොරු කියුවන්ට වැඩ වරදියි !
මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය :
ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරකය අඩංගු බවට මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්. මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇල්පාට්‍රොක්සීන් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල:
මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමුලික බොරැවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධවූ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ රෑත් , අද උදෙත් ලේකම්තුමාට කිව්වා. පිළිකාකාර තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්තුමාගෙන් අවසර ගන්න ඕන.
කෝප් කෝපා කමිටු සභාපතිවරුන් කෝ ? කතානායක පිළිතුරු දෙයි !
කෝප්, කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැති බවත් එම පත්කිරීම් සිදුකරන්නේ සියලු දෙනා සමඟ සාකච්ඡාවෙන් බවත් මහින්ද යාපා අබේවර්ධන පවසයි.
එහිදී කතානායකවරයා පවසා සිටියේ තමා කටයුතු කරන්නේ ස්ථාවර නියෝග අනුව බවත් ඉන් පිට කටයුතු කිරීමට අදහසක් නැති බවත්ය.
එසේම තමාගේ වචනය නීතිය නොවන බව පැවසූ කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට නීතිය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංග්‍රහය බවත් පැවසීය.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි !
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (20) අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ සිට බලාත්මක වෙයි.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් 2022 අයවැය හරහා හඳුන්වාදුන් අතර අදාළ පනත් කෙටුම්පත පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත 2.5 % අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.
මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රුපියල් බිලියන 140 කි.
ආහාර ද්‍රව්‍ය කිහිපයක් ආනයනයට අවසර !
මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කුකුළු ආහාර නිෂ්පාදකයන් සඳහා විවෘත ගිණුම් හරහා, කොන්දේසි යටතේ බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කිරීමට අවසර දී ඇත.
එසේම අනෙකුත් ආහාර ද්‍රව්‍යද කොන්දේසි මත ආනයනය කිරීමට ලබාදී තිබූ කාලයද දීර්ඝ කිරීමටද මේ වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වේ.
විදේශ විනිමය හිඟය හේතුවෙන් ආහාර හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මැයි මාසයේදී විවෘත ගිණුම් හරහා භාණ්ඩ ආනයනය තහනම් කළේය.
කෙසේ වෙතත්, පරිප්පු, සීනි, ලූනු සහ අර්තාපල් ඇතුළු භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම වෙනුවෙන් විවෘත ගිණුම් කොන්දේසි යටතේ ආහාර ආනයනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසර ලබාදී ඇත.
මෙම නව අනුමැතිය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව ලියාපදිංචි කුකුළු ආහාර නිෂ්පාදකයන්ට බඩඉරිඟු සහ සෝයා බෝංචි ආනයනය කළ හැකිය. ගුණාත්මක බවින් අඩු ආහාර නිසා කිකිළියන් වෙතින් බිත්තර ලබාගැනීම අඩු වන බවට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයන් විසින් මාස කිහිපයක් තිස්සේ අනතුරු අඟවා තිබිණි.
-අරුණ
ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ - සාගල
Q ඔබ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලෙසත් වගකීම් දරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක තනතුර අපේ රටට අලුත් දෙයක්. අපි එතනින් කතාව පටන් අරගමු.?
මෙතැනදී බොහෝ අය නොදැනුවත්ව වැරදි විදිහට මේ තනතුර අර්ථ කථනය කරනවා. මේ තනතුරේ වගකීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ රාජකාරිය හෝ නැත්නම් ආරක්ෂක අමාත්‍යවරයාගේ, ආරක්ෂක ලේකම්ගේ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ රාජකාරිය කිරීම නෙවෙයි. මේක ජාත්‍යන්තරය සමඟ ඇතිකරගන්න ආරක්ෂක සබඳතා , ඊට අදාළ න්‍යායන්, අලුත් තත්ත්වයන් සමඟ ගොඩනැගෙන රාජකාරියක්. එහි වැඩකටයුතු රාශියක් තිබෙනවා.
දැන් බලන්න අපේ රටේ පිහිටීම, අපේ රටේ පිහිටීම ඉන්දීය සාගරයේ තීරණාත්මක තැනක තියෙන්නේ. ඉතාම කාර්ය බහුල නාවුක මාර්ග, විශාල සාගර කලාපය, ඒ වගේම අපි දූපත් රාජ්‍යයක්. මේ විදිහේ විශේෂ කරුණු කාරනා රැසක් නිසා ආරක්ෂාව යන්න සුවුශේෂී වැදගත්කමක් දරනවා. ඒ සම්බන්ධයෙන් අත්හරින්න බැරි වගකීමක් අපිට තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම වෙන්න පුළුවන්, ත්‍රස්ත කටයුතු , මුහුදු මංකොල්ල , මුදල් විශුද්ධිකරණය ඇතුළු මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම කටයුතු කරන්න වෙනවා.
අපේ ත්‍රිවිධ හමුදා වර්තමානයට සහ අනාගතයට සූදානම් කරන්නේ කොහොමද ? උදාහරණයක් ලෙස ගුවන් හමුදාව නවීකරණය කරන්නේ කොහොමද ? නාවික හමුදාව නවීකරණය කර Blue-water navy වගේ තැනකට ගන්නේ කොහොමද ? ජාත්‍යන්තරය සමඟ කොහොමද සම්බන්ධ වෙන්නේ ? ඒ වගේම ජනාධිපතිතුමාගේ බොහොම වැදගත් වැඩසටහනක් තියෙනවා, "2030 - ආරක්ෂාව" කියලා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න කටයුතු කරන්න තිබෙනවා.
ඒ වගේම තමයි දැන් බලන්න අපේ තිබෙන ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැති නෑ. ඒ වගේ යල්පැන ගිය දෙවල් වෙනස් කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රටේ ආරක්ෂක සුරක්ෂිත භාවය, පරිසරය පවා ජාතික ආරක්ෂාවට වැදගත්, ඒ දේවල් පවා මේ විෂය යටතේ ආවරණය වෙනවා.
Q : ඒ කියන්නේ ඔබ බොහෝ කාර්ය බහුල වෙලා ඉන්නේ ?
A : සාමාන්‍යයෙන් මට වැඩ කරලා පුරුදුයි. වගකීමක් තියෙනකොට වැඩකටයුතු වැඩි වෙනවා. වගකීමක් නැති කාලෙත් නිකන් හිටියේ නෑ. ගම දියුණු කරන්න පක්ෂය ගොඩනගන්න වැඩ කටයුතු කරලා තියෙනවා. තනතුරු හැමදාම නෑ. හැබැයි අපි හැමදාම වැඩ කරනවා.
Q : ආණ්ඩුවට බරපතළ චෝදනාවක් තිබෙනවා ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යොදාගෙන මර්දනයක් දියත් කරලා කියලා ?
A : කාලයෙන් කාලයට අභියෝග අලුත් වෙනවා. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අලුත් නීති රීති ගේන්න වෙනවා. 2001 වසරේ පමණ කාලයක සිට, එදා ඉතා සීමිත කාලයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ, ඒ කාලේ ඉඳලම ත්‍රස්ත මර්දන පණත විතරක් නෙවෙයි, තවත් බොහෝ අණපනත් වෙනස් වෙන්න ඕන කියන තැන එතුමා ඉන්නවා. ඒ වගේම තමයි ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ, කියන එකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද ඊයේ කියන එකක් නෙවෙයි. එතුමාට වැඩි කාලයක් විපක්ෂයේ ඉන්න වුණෙත් ඔය දේවල් කතා කරපු නිසා තමයි.
ජාතික සමඟිය, සංහිඳියාව, වගවීම ගැන කවුද බය නැතුව ප්‍රසිද්ධියේ කතා කළේ ? මේවා ගැන කතා කරලා එතුමාට වැඩි කාලයක් විපක්ෂයේ ඉන්න වුණත්, ඔහු ඒ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. අදටත් ඒ ප්‍රතිපත්ති මත පිහිටලා විතරයි කටයුතු කරන්නේ. කෙනෙකුට විවිධ චෝදනා නගන්න පුලුව. නමුත් ඒ චෝදනා සත්‍ය නෙවෙයි.
දැන් ඔය කිහිපදෙනෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ තබාගෙන සිටීම සම්බන්ධයෙන් කතාවක් යනවනේ. ආරක්ෂක අංශ පොරොන්දු වෙලා තියෙනවා, ඉතාම ඉක්මනින් ඊට අදාළ විමර්ශන අවසන් කරන්න. ඊට පස්සේ ඔය චෝදනා ඉදිරිපත් වෙන එකක් නෑ. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ මර්මස්ථාන අල්ලන ප්‍රචණ්ඩකාරීන් සම්බන්ධයෙන් සමහර අවස්ථාවල තීන්දු තීරණ ගන්න වෙනවා.
ඒ වගේම කියන්න ඕන, ජනතාවගේ මානව හිමිකම්- අයිතිවාසිකම් සුරැකෙන, රටත් ජනතාවත් ආරක්ෂා කරන, මේ කාරණය විශේෂයි. මොකද රටේ ආරක්ෂාව සහතික වුණොත් තමයි ජනතාව ආරක්ෂා වෙන්නේ. ඒ නිසා රටේ ආරක්ෂාව සහතික කරන ජාත්‍යන්තරයට පවා පිළිගන්න පුළුවන් අලුත් පණතක් ගේනනත් බලාපොරොත්තුවක් තියෙනවා.
Q : විපක්ෂය නිතර නගන චෝදනාවක් තමයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා කියලා. ඒ ගැන මොකද කියන්නේ ?
A : මම ඇමති කාලෙත් මට ඔය චෝදනාවම ආවා. මේ නිසා තමයි අපේ රටේ ආකල්ප වෙනසක් අවශ්‍යයි කියලා අපි කියන්නේ. නීතිය සහ සාමය කියන එක දෛනිකව බලන්න වගකීම තියෙන්නේ දේශපාලනඥයන්ට නෙවෙයි. ඒ වගකීම පාර්ලිමේන්තුව තුළ දේශපාලනඥයන්ට තියෙන්නේ නීති සකස් කිරීම හරහා. නීති තුළ සහ නීති ක්‍රියාත්මක වන පද්ධතිය තුළ යම් ප්‍රමාදයන් තියෙනවා නම් ඒවා වෙනස් වෙන්න ඕන. නීති රීති රැසක් තියෙනවා කොහොමටත් අලුත් වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න නියමිතව තිබෙනවා. නමුත්, අරලියගහ මන්දිරයේ, ජනාධිපති කාර්යාලයේ නඩු අහන්න දඬුවම් දෙන්න බෑ.
සරලවම කිව්වොත්, අපිව සෑහෙන කාලයක් විපක්ෂයේ තියපු, මේ රට හදන්න අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉඩ නොලැබුණේ රාජපක්ෂවරුන් නිසා. ඒ වගේම අපි බලය ගත්ත අවස්ථා වලදී, අර අපිම ගෙනාපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ක එකතුවෙලා අපේ බලය ගන්න උත්සාහ කළ පිරිසක් තමයි ඒ. එහෙම පසුබිමක කවුරු හරි හිතනවා නම් රාජපක්ෂවරුන් සමඟ දේශපාලන වශයෙන් කරට අතදාගෙන ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩ කරනවා කියලා, ඒක වැරදි අදහසක්.
නමුත් දේශපාලනය කියලා අපි කාටවත් හතුරුකම් කරන්න යන්නේ නෑ. රට ගොඩනගන්න, මේ වැටී තියන ආඝාධයෙන් රටත් ජනතාවත් ඉහළට ඔසවා ගන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා. රට මිහිනදී ඇති මේ තත්ත්වය සුළුවෙන් තකන්න බෑ. සියලු දෙනා මේ වෙනුවෙන් එකතු වෙන්න කියන ආරාධනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බොහොම විවෘතව ඉදිරිපත් කරලා තියෙන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොදු ආරාධනයක් කරලා තියෙන්නේ. දැන් අපිට හැම දේශපාලන පක්ෂයක් එක්කම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.
2001 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වන විට චන්ද්‍රිකා මැතිනිය තමයි ජනාධිපති ලෙස හිටියේ. එදත් අපි උත්සාහ කළා එකට වැඩ කරන්න. ඒ වගේම 2015 අපිම ගෙනාපු ජනාධිපතිතුමා සමඟ වැඩ කරනකොට අභියෝග ආවා. ඒත් අපි අවසන් මොහොත දක්වාම උත්සාහ කළා එකට වැඩ කරන්න. එදා එක් පසෙකින් ප්‍රජාතන්ත්‍රවාදය කඩවෙන්න යන විට අපි එය රැකගන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් සටන් කළා. අපිව ආණ්ඩුවෙන් එළියට දාන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය කළා. දැන් ඇයි අපිට චෝදනා කරන්නේ.
මේ ළඟදී ඉඳලා කෙනෙක් සුදු ඇඳගෙන ජාතික ලැයිස්තුවෙන් එන්න ලැස්ති වෙලා ඔය එක එක චෝදනා කරමින් යනවා. ඒ ලාබ දේශපාලන වාසියක් ගන්න උත්සහ කරන්නේ. අවසානයේ මෙහි අවාසිය කාටද අත්වෙන්නේ. මෙහි අවාසිය අත්වෙන්නේ ජනතාවට. අපි පැහැදිළිව කියලා තියෙනවා, මේ රට මෙතනට පත්වුණේ වැරදි කළමනාකරණය, වැරදි තීන්දු තීරණ, වැරදි උපාය උපක්‍රම නිසා කියලා. ඒ මොකුත් නොකිය, හරි වැඩපිළිවෙලක් නැතුව හිටපු උදවිය තමයි අපිට චෝදනා කරන්නේ.
අපි ඔය චෝදනා ගැන තැකීමක් කරන්නේ නෑ. මේ මොහොතේ රටම බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා මේ රට මේ දරුණු අර්බුදයෙන් ගොඩගනී කියලා . අපි වෙහෙසෙන්නේ අන්න ඒ බලාපොරොත්තුව ඉටුකරන්න.
Q : ආර්ථික අර්බුදය සමනය කරගන්න මේ වෙනකොට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද ?
A : ඇයි බැරි. මාස කීයද බලය අරගෙන. මේ ඉන්නේ එක පක්ෂයක ජනාධිපතිවරයෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුළු රටේම ජනාධිපති. කවුරුත් අභියෝගය බාරගන්න බය වුන වෙලාවේ එතුමා බොහොම නිර්භීතව අභියෝගය බාරගත්තා. දැන් ඔහු ගැන විශ්වාසය තැබූ පිරිස සමඟ ආණ්ඩුව කරගෙන යනවා. ගෑස් පෝලිම අවසන් කරන්න සමත් වෙලා තියෙනවා. ගොවියාගේ පොහොර ප්‍රශ්නය විසඳලා ඔහුට සැනසීමක් ගෙනෙන්න කටයුතු කරලා තියෙනවා. විදුලි කප්පාදුව දැන් පැයකට සීමා වෙලා. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යාන්ත්‍රණය බලගන්වා තිබෙනවා. ඉන්ධන සැපයීම යහපත් අතට අරගෙන තියෙනවා.
පාරට බැහැපු ජනතාව ඉල්ලුවේ මොනවද ? ගොවියා කෘෂිකර්මය වෙනුවෙන් පොහොර ටික, ඊට අදාළ යෙදවුම් ටික ඉල්ලුවා. ජනතාව ඉන්ධන, ගෑස් , ආහාර, ඖෂධ හිඟයකින් තොරව ඉල්ලුවා. හැමදෙයක්ම නැතිවෙමින්, සියල්ල අපේක්ෂා භංගත්වයට යමින් තිබු රට මාස කිහිපයකින් , විශ්වාසයේ සහ බලාපොරොත්තුවේ තැනට ගේන්න ජනාධිපතිතුමා සමත්වෙලා තියෙනවා. ආණ්ඩුවේ සහය ඊට ලැබී තිබෙනවා.
ඒ වගේම තමයි IMF සමඟ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට ගෙනයමින් තියෙනවා. ඇත්තටම IMF සාකච්ඡා වල සාර්ථකත්වය නිසා අපිට දැන් යම් සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපිට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න පුළුවන්. මාස 2ක් 3ක් තුළ විශ්වකර්ම වැඩ කරන්න බෑ. හැබැයි අපි දිගු ගමනක් යන්න අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් සකසමින් ඉන්නවා. ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අවස්ථා ගණනකදී අදහස් දක්වා තිබෙනවා.
Q : හැමදාමත් වැටුණු රට හැදුවේ එජාප නායකත්වයෙන්. මෙවරත් එය සිදුවෙනවා. හැබැයි රට හැදුවට බලය රැකගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයත් අහන්නම වෙනවා. ?
මේ මොහොතේ හැමෝම බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා. ඔහු ගැන විශ්වාසය තබලා තියෙනවා. මේ කරුණට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඔබ අහන ප්‍රශ්නය හරි. බලය රැකගන්න ඕන. පක්ෂය ශක්තිමත් කරගන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. පක්ෂය ගොඩනගන අතරේ තමයි, රට ගොඩනැගීමට මූලිකත්වය දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාව දේශපාලන පක්ෂ ප්‍රමුඛ ජනතාව විශ්වාස කරලා තියෙනවා. අපි ඒ විශ්වාසය රකිමු. වරදින්න ඉඩක් නෑ. මේ රට අලුත් කරන්න පුළුවන්.
-කල්ප අනුත්තර ලියනගේ
( ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ Chatham Street Journal පුවත්පත කළ සාකච්ඡාවක් ඇසුරෙනි. )
ඩලස්ලා පොහොට්ටුවේ දත් ගැලවීම අරඹයි !
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් , ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවට එක්වී තිබේ.
ඒ අනුව ඊයේ (19) දිනයේදී විජිත හේරත් නාවල පිහිටි නිදහස ජනතා සභාවේ කාර්යාලයේදී ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවී සිය සහාය පළ කර ඇති බව වාර්තා වෙයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වූ විජිත හේරත් එම පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත්ව මෙසේ ඩලස් පිල සමග එක්ව ඇති බවත් වාර්තා වෙයි .
සජබ චෝදනා පුස්සක් වෙයි : හිටපු සතොස සභාපති හිරේ !
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගේ දූෂිත පාලනය ඉදිරියට ගෙන යාම බව අද (20) සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සිදුකළ චෝදනාව පුස්සක් වන සිදුවීමක් වාර්තා වෙයි .
ඒ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට අධිකරණ නියෝගයක් නිකුත්කර තිබීම හමුවේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතය.
සතොස ආයතනයේ සිදු වූ බවට සැක කෙරෙන කෝටි ගණනක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ, මේ වසරේ පෙබරවාරි මාසයේ කඩිනම් පරීක්‍ෂණයක් පවත්වා තමා වෙත වාර්තා කරන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්වරිය වෙත නියෝග කරනු ලැබිණ .
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබිණ .
වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන පත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයේ නිදේශයක් මත බවත් එවකට වාර්තා විය.
ජනාධිපති රනිල් : චාල්ස් රජු සහ බ්‍රිතාන්‍යයේ ලංකා ඩයස්පෝරාව හමුවෙයි !
දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ.
ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයින් සහ තෙවැනි වාල්ස් රජු අතර බකිංහැම් මාළිගයේදී පැවති හමුවේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්ව සිටි බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහාය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූහ.
සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු : බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් !
මේ අතර සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඊයේ (19) පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත .
එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කර තිබේ.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබූ මෙම හමුවට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.
බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
අපි ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ 20 වැනිදා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සමඟ සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය ශක්තිමත් වී ඉදිරියට යාම අපට අවශ්‍යයි. එක්සත් රාජධානිය අපගේ දිගුකාලීන මිතුරෙක්. අපි එක්සත් රාජධානියේ පාලනය යටතේ සිටි අතර එක්සත් රාජධානිය සමඟ සබඳතා පවත්වන ස්වාධීන රටක්. අපේ සබඳතාව දීර්ඝ කාලීන එකක්.
එක්සත් රාජධානියේ පාලනය ලේබර් පක්ෂය, කන්සවේටිව් පක්ෂය, එහෙම නැත්නම් සභාගයක් හරහා සිදු වූවද අපිට අපේ සබඳතා පවත්වන්න අවශ්‍යයි. රටක් ලෙස අපි ආර්ථිකමය ලෙස කඩා වැටී ඇති බව නොරහසක්. මේ ප්‍රශ්න අපිම විසඳා ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කර තිබෙනවා. අපි ඉන්දියාව චීනය හා ජපානය සමඟත් පුද්ගලික ණය හිමියන් සමඟත් කතා කළ යුතුයි. අපේ ණය ප්‍රශ්න දිහා බලන අතරේ අපි ගත්ත ණය ගෙවන්නත් තිබෙනවා. අද සිට ණය ගෙවන්න වසර 25ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ 2048 වන විට නිදහසට වසර 100ක් වන විට සමෘද්ධිමත් සමාජයක් වෙත අපට යා හැකියි.
අපි බොහෝ දෙනෙක් ඒ වනවිට ජීවත්ව නොසිටීවි. නමුත් අපි එයට දායක වූ පුරවැසියන් වෙන්න පුළුවන්. මෙහිදී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකුගේ අදහස්වලට අප ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නමුත් ප්‍රධාන වශයෙන්, ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබට පාලනයක්, විනයක් සහ නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි. එහිදී නිවාස පුළුස්සා දැමිය හෝ කාර්යාල අත්පත් කර ගැනීම කළ යුතුද යන්න කාටවත් තීරණය කළ නොහැකයි. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතියේ ආධිපත්‍යයට අනුව ක්‍රියා කිරීමයි.
පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මේ රටේ ඇතැම් තරුණ පිරිස් කලහකාරි ලෙස හැසිරුණා. අපි ඔවුන්ගේ අදහස් උදහස් අධීක්ෂණ කාරක සභාවලට ඇතුළත් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 19ක් තිබෙනවා. ඒවායේ තරුණ නියෝජනය පස් දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. වෙන කිසිම රටක් එහෙම කරලා නැහැ. එම කරකා සභාවල ඕනෑම වාර්තාවකට තරුණයින්ගේ අදහස් අතිරේක ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කළ හැකියි. අපි සමාජය නැවත හැඩගස්වාගත යුත්තේ අනාගතය දෙස බලා, ඔවුන්ට අවශ්‍ය දේ මත මිස, අපට අවශ්‍ය දේ මත නොවේ. ඒ නිසා අපි සියලු කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම සොයා බැලිය යුතුයි. කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම ජන සභා පැවැත්වීමේ තවත් රාජ්‍ය නොවන කාර්යයක නිරතව සිටිනවා.
උතුරේ ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු අප විසඳා ගත යුතුයි. බලය බෙදීමේ මූලික කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරන්න තිබෙනවා. 2018 දී අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනය කරන විට උතුරු නැගෙනහිරින් පිටත ප්‍රධාන අමාත්‍යවරුන් හත් දෙනෙකු සහ විපක්ෂ නායකවරයා යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. උතුරු නැඟෙනහිර මන්ත්‍රීවරු සහ ප්‍රධාන ඇමැතිවරු ඊට එකඟවීම සතුටට කරුණක්. දැන් අපට ඉදිරියට යන්න පුළුවන්. මම හිතන්නේ අපට එය කළ හැකියි.
අපි සැවොම සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීම සඳහා එකතු වී බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතුයි. මෙහි සිටින ඔබ මෙහි රැඳී සිටීම නිසාම සාර්ථකත්වය ළඟා කර ගෙන තිබෙනවා. මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 500,000 තමන් පළමු හෝ දෙවන පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් ඩයස්පෝරාව ලෙස හැඳින් වෙනවා. අපි ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටින අතර විදේශ අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරමින් සිටිනවා. එය ජනාධිපති කාර්යාලය යටතේ පවතිනවා. නමුත් ටික කලකට පසු එය ජාත්‍යන්තර වෙළඳාම භාර ගන්නා බැවින් එය විදේශ අමාත්‍යාංශය යටතට පත් වෙනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ මෙම කාර්යාලය සාර්ථක වීමටයි. අපි හැමෝම ඊට සම්බන්ධ වෙන්න ඕන. උතුරේ විතරක් නෙවෙයි, දකුණෙත් ආයෝජනය කරන්න පුළුවන්. ඔබගෙන් සමහරෙකුට දකුණේ හෝ නැඟෙනහිර ප්‍රදේශයේ සබඳතා තිබෙන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය විය හැකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවට උපකාර කරන්න.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලංකාවට දෙන ඉන්දීය මූල්‍ය ආධාර අත්හිටවූ පුවත බොරුවක් !
තවදුරටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට මුදල් ආධාර දීම අත්හිටුවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා ඉන්දීය රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ද්විපාර්ශවික ආධාර ලබා දෙනවාට අමතරව වෙනත් රටවල ආධාර ලබා ගැනීමටද ඉන්දියාව මැදිහත් වී ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
කොළඹ ඉන්දීය දූත මණ්ඩල ප්‍රකාශක එල්දෝස් මැතිව් පුන්නුස් අද (20) නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ , "ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා සිටින දුෂ්කරතා සඳහා ඉන්දියාව පෙර නොවූ විරූ අයුරින් මේ වසරේ එක්සත් ජනපද ඩොලර් බිලියන 4කට ආසන්න ද්විපාර්ශවික ආධාර ලබා දී ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු," යනුවෙනි.
.ඩොලර් බිලියන 29.9 ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග ගිවිසගත් පරිදි ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සම්බන්ධයෙන්ද ඉන්දියාව අවධානය යොමුකර තිබේ.
"ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් කඩිනමින් ආධාර කරනු පිණිස වෙනත් ද්විපාර්ශවික හා බහු පාර්ශවික හවුල්කරුවන්ටත් ඉන්දියාව කරුණු දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකරගනීමද අපේ අවධානයට යොමුවී තිබේ.
එය තව දුරටත් අනුමත වීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ චිරස්ථායී භාවයද බලපායි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනමින් නගා සිටුවීම සහ වර්ධනය සඳහා ආර්ථික මර්මස්ථාන වල දීර්ඝ කාලීන ආයෝජන මගින් ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම සහාය වීම අපි දිගටම කරගෙන යන්නෙමු."
දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ද්විපාර්ශවීය සංවර්ධන ව්‍යාපෘති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5 ක අගයක් ගන්නා බව පවසන කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ආර්ථික ආධාරවලට අමතරව උසස් අධ්‍යාපනය සඳහාත් වෘත්තීය හැකියා වර්ධනය කරගැනීම සඳහාත් ලාංකිකයන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවද අවධාරණය කරයි.
Page 258 of 444