පෞද්ගලික බැංකුවක කාඩ්පත් හා ගිණුම් සකස් කර දීම වෙනුවට අමතර ආදායමක් ලබා දෙන පවසා එම බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ තිබු මිලියන 290ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්විය.
සිද්ධියට අදාලව වහාම විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, මුල් අවස්ථාවේදී සැකකරුවන් විසින් ගිණුම් 64 කට එම බැංකුවේ මුදල් යවා ඇති බවත් පසුව එම ගිණුම්වලින් වෙනමත් ගිණුම් දහයකට මුදල් යොමු කර ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
