මෙවර අයවැයෙන් හෝ පොරොන්දු ඉටු කරන්න - දුමින්ද දිසානායක

මෙවර අයවැයෙන් හෝ පොරොන්දු ඉටු කරන්න - දුමින්ද දිසානායක

මැතිවරණ සමයේ දී මාලිමා කණ්ඩායම දුන් පොරොන්දු මෙන් ම පැවසූ සුන්දර කතා මේ වන තෙක් ඉටු කර නැතැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පක්ෂ  ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක.


මෙවරත් කෙඳිරි ගාවි ද...?

''හෙට ජනතාවාදි ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කිරිමට නියමිතයි.  පළවෙනි අයවැයේ ජනාධිපති සෑහෙන්න කෙඳරි ගෑවා. අපි හිතනවා මෙවර සැලසුම් සහගත අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා කියල. ඔවුන් වේදිකාවල කිවූ ජනතාවාදී පොරොන්දු ටික ඉටුකරන තුරු අපි බලාගෙන ඉන්නවා. 

 
විපක්ෂයේ ඉඳන් හදපු සැලසුම් සහගත ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද මේ වන තුරු කියපු සුන්දර කතා එකක්වත් ඉටු කරලා නෑ.


අත් අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍යවලට සිදුවන්නේ මොනවා ද...?

දවසේ වෙඩිල්ල වගේ  ම රෝහල්වල මැරෙන රෝගීන් සම්බන්ධයෙනුත් තොරතුරු කියන්න වෙයි. ගුණාත්මක ඖෂධ කෙසේ වෙතත් අද රෝහල්වල ඖෂධත් නෑ. ඒ වගේ ම ජපන් බයික් හීනයක් බවට පත්වෙලා. අධ්‍යාපන පොත් , ලිපි ද්‍රව්‍ය සඳහා සියලු බදු  ඉවත් කරන බව කිව්වා.
 
 පුළුවන්නම් හෙට අයවැයෙන් හරි මේ දේවල්  කරන්න.  වැට් බදු මුළුමනින්ම ඉවත් කරන බව කිව්වා.  විදුලි බිල 3/2 ක් අඩු කරනවා කියලා. නමුත් තවම අඩු වීමක් වෙලා නෑ. රජයේ මත්ද්‍රව්‍ය වැටලීම හොඳයි; නමුත් මත්ද්‍රව්‍යවලට සිදුවන දේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න