විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි

විපක්ෂ නායකවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හමුවෙයි

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා ඊයේ (06) ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් හමු විය.

 

සමුද්‍රීය සම්බන්ධතාව, ධාරිතා වර්ධනය සහ නූතන දියුණු තාක්ෂණය යනාදි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙන්ම දකුණු ආසියානු ජාතීන් අතර කලාපීය සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කළේ ය. ඉන්දියානු සාගර කලාපයේ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා තොරතුරු හුවමාරුව, කලාපීය සංවර්ධනට මුලපිරීම් සහ ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

කලාපීය ස්ථාවරත්වය, ඵලදායී සහභාගීත්වය සහ සැවොම ඇතුළත් කර ගත් වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම විපක්ෂ නායකවරයා මෙහි දී නැවත නැවතත් අවධාරණය කළේය. ආර්ථික සහ බලශක්ති හවුල්කාරිත්වය, ආපදා ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ අඛණ්ඩ බහුපාර්ශ්වික මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා කොළඹ ස්ථිර සංවාද ලේකම් කාර්යාලයක් පිහිටුවීම යනාදි නව ක්ෂේත්‍රවලට සහයෝගීතාව පුළුල් කිරීමට ද මෙහි දී විපක්ෂ නායකවරයා යෝජනා කළේ ය.

 

 

sajith2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න