සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට පක්ෂ දෙකේ ම පාක්ෂියින් ගේ ඉල්ලීමක් තිබෙන බැවින් ඒ සඳහා පක්ෂයක් ලෙස පුර්ණ ආශිර්වාදය ලබා දී ඇති බවත්, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.
2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කර ඇති රුපියල් ලක්ෂ හයක මුදල සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණ වාර්තාවේ නිර්දේශයකට අනුව ධීවර සංස්ථාවේ: මුල්‍ය කලමනාකාරිනී පී. සී. එන්. සමන්ති පෙරේරා, මානව සම්පත් කළමනාකාර ඩී. එම්. එස්. කේ. විජේතුංග සහ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ප්‍රසන්න යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග පනවා ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
