Image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙවර මැයි දින තේමාව ''දූෂිත ආණ්ඩුවට එරෙහිව ජන බලයක්''

අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ''දූෂිත ආණ්ඩුවට එරෙහිව ජන බලයක්'' යන මෙයින් කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 01 වන දින පස්වරු 1.00 ආරම්භ වීමට නියමිත බවත්, එහි සංවිධාන කටයුතු යි මේ වන විටත් සූදානම් කරමින් ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නීතිඥ නිමල් සිරිපාලද සිල්වා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම පිළිබඳව අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මේ අව්ස්ථාවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීෆයිසර් මුස්තාපා වරයා පැවසුවේ මොන ප්‍රශ්න තිබ්බත් කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් හා කම්කරුවාගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක අදහස් දක්වමින් කියා සිටියේ දූෂිත ආණ්ඩුවට එරෙහිව ජනබලයක් යන තේමාව ගත් හේතුවත් 76 වසරක ශාපය තුළ දූෂිතම ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බවත් කන්ටේනර් මගඩිය සහල් මාපියාව රටේ ලුණු ඇතිවීම ගල් අඟුරු නිසා ඇතිවී ඇති පාඩුව මුදල් අමාත්‍යංශය සොරකම පිළිබඳව හා වර්තමාන ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය මංකොල්ලකා ඇති බවත් සියලු ම ජනතාවට කැම්බල් පිටියට එකතුවෙන් ලෙසත් ආරාධනා කරන බවයි.

මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ගොවි ජනතාවට ඇති ප්‍රශ්න පොහොර ප්‍රශ්නය රිලා සංගණනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන අතර ගොවි ජනතාවත් මෙවර කම්කරු දින සැමරීම සඳහා කොළඹ කැම්බල්පිටියට පැමිණෙන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න