දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ සිද්ධියේ බෝලය පාස් කිරීම මේ වන විට ජනාධිපති ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශය වෙතට තල්ලු වී ඇති බව දක්නට ඇත.
'සති අග අරුණ' පුවත්පතෙහි ඊයේ (26) පළ වූ ලිපිය ඊට සාක්ෂි සපය යි.
ඔහුට අනුව මේ වන විට දීපචෙල්වන් ගේ කෘති නිදහස් කිරිම සදහා මූලිකත්වය ගෙන ඇත්තේ දේශපාලනික වශයෙන් බංකොලොත් වූ කණ්ඩායමකි. නමුත් මේ වන විට ආණ්ඩුව ඊටත් වඩා දේශපාලනිකව බංකොලොත් වී ඇති බව මෙම සිද්ධියෙන් මොනවට පිළිබිඹු වන ආකාරය සංස්කෘතික අමාත්‍යවරයාට නොපෙනීම නම් පුදුමයට කරණකි.
මතු පළ වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්: බුද්ධ ශාසන, ආගමික කටයුතු සං සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි දැක්වූ අදහස් අතුරෙන් කොටසකි.
''සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් වූ කණ්ඩායමක් ඔවුන්ට ඕන විදිහට ගෙනයන සටනක්. පොත් දෙකක් නිදහස්වෙලා තියෙනවා. අනෙක් පොත් දෙක රේගුවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත නිදහස් වෙලා නැහැ. මේවට සාහිත්‍ය අනු මණ්ඩලයේ කිසිදු සම්බන්ධයක් නැහැ.
දීපචෙල්වන් මහත්තයා ආරක්ෂාවෙලා ඉන්නෙ අපි ගත් ක්‍රියාමාර්ගය නිසයි. මම හිතන්නෙ අනෙක් පොත් දෙක නිදහස් වෙන එකක් නැහැ. මගේ පෞද්ගලික හැඟීම ඒ පොතේ දෙකේ තියෙන බොහෝ දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩනීති සංග්‍රහය එක්ක විශාල ගැටීමක් තියෙනවා. අපි මේකට මැදිහත්වෙන්නෙ ආචාර ධාර්මිකව. එහෙම නැතිව නෛතික කිසිම බැඳීමක් නැහැ.''
| සති අග අරුණ - 26. 04. 26 - සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
