පුවත්

සපුගස්කන්ද යළි වැසේ
බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බව ද එම සංස්ථාව ප්‍රකාශ කළේ ය.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවය.
කෙසේ වෙතත් ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.
මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට හෙට(20) මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.

කඩදාසි නෑ : බස්නාහිර පළාත් පාසල් විභාග කොට උඩ !
කඩදාසි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් බස්නාහිර පළාත් පාසල්වල විභාග නිසි පරිදි පැවැත්වීමට නොහැකිව ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්වරුන් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙසය.
මේ නිසා 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර අනුව වාර විභාගය පැවැත්විය හැකි සෑම පාසලක්ම එම කාල සටහන අනුව විභාගය පැවැත්විය හැකියි.
එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ කාලසටහන් පාසල් මට්ටමින් සකස් කරගෙන විභාගය පැවැත්වීමට හැකි වේ.
4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
(මූලාශ්‍රය news 1st )

මංගලගේ මාතර නිවසේදී : ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උතුර දකුණ යාකරයි !
1979 අංක 48දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( විශේෂ විදිවිධාන පනත) දශක ගණනාවක් මුලුල්ලේ අහෝසි කරන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් එය හුදෙක් ආණ්ඩු විරෝධීන් දඩයම් කරන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ පනතක් ලෙස අතීතයට වඩා වර්ථමානයේ සාහසික මුහුණුවරක් ගෙන ඇත.
උතුරෙන් දකුණට එන ගමනට මතක මංගලත් එක්වෙයි…!
පාර්ලිමේන්තු මංත්‍රී සුමන්තිරන්, ශානික්‍යන් රාසමානික්කම් විසින් අත්සන් කිරීමේ පෙත්සම රැගෙන ගාල්ලේ සිට මාතර දක්වා පැමිණි අතර, ඔවුන් දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරයන්ගේ නිවසේ සූදානම් කළ තේ පැන් සංග්‍රයට මුලින්ම සහභාගීවූයේ සමරවීරයන්ගේ සහෝදරිය වූ ජයන්ති සමරවීර හා පවුලේ හිතවතුන් කීපදෙනෙක් සමගින්…
විශේෂයෙන්ම මංගල සමරවීරයන්ගේ හදිසි අභාවය නිසාවෙන් ඔහු වෙනුවෙන් විශේෂ අවසන් ගෞරවය පවුලේ හිතවතුන් සමග බෙදාගැනීම ප්‍රධනව, හිටපු අමාත්‍ය මංගල සමාවීරයන් විසින් නිරන්තරයෙන් සිදුකළ PTA පනත අහෝසිකිරීමෙහිලා කල අවංක කැපවීමට විශේෂ ගෞරවයක් ලෙස එතුමාගේ නිවසේදී සවස 3.30 සිට සවස 4.00දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරුද්ධව අත්සන් තැබීම ඇරඹුණි..
ආණ්ඩු විරෝධීන් දඩයම් පණත හකුළවන සටනට දකුණෙන් දැවැන්ත සහායක්…!
ඊයේ ( 17 ) දින සවස 4.00 සිට 5.00 දක්වා කාළය තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසිකරන ලෙස ඉල්ලා සංවිධානය කළ අත්සන් ලභාගැනීමේ ක්‍රියාවලිය අතිසාර්ථක කරමින් දැවැන්ත ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි….
එහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මංත්‍රී ශානික්‍යන් රාසමානික්කම් හා සුමන්තිරන් විසින් පනත අවභාවිතා කරමින් සිදුකරන සිරගත කිරීම් පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අතර එක්සත් සමජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජජයසූරිය සහෝදරයාද එම අවස්තාවට සහභාගී වීම විශේෂත්වයක් වූ අතර ඉතා උද්වේගකරව වත්මන් ආණ්ඩුව PTA පනත භාවිතා කරමින් ආණ්ඩුවට යම් තර්ජනයක්වන පුද්ගලයන් හා ජනමාධ්‍යවේදින් මර්ධනය කිරීම ගැන දැඩි විවේචනයත් විරෝධයත් පළ කලහ…
එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මංත්‍රී එරාන් වවික්‍රමරත්න අදහස් දැක්වූ අතර අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, රෙහාන් ජයවික්‍රම ඇතුලු පිරිසක් හා සිවිල් ක්‍රියාකාරීන් ලෙස විශ්‍රාමික විදුලි ඉංජිනේරු අජිත් මුණසිංහ,වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි ඇතුලු විශාල ජන සහභාගීත්වයකින් ඉතා උද්‍යෝගයෙන් අත්සන් එකතුකිරීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් වූ අතර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සහාය දැක්වූ දකුණේ ප්‍රභල පිරිස් කීපයක් ඒ හා එක්විය…
.එමෙන්ම වත්මන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු ලෙස කටයුතු කල දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින උදය හිත්තැටියගේද සහභාගී වීම විශේෂත්වයක්..
ඔබේ නගරයේද නුදුරු දිනක ආරම්භ වීමට නියමිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කිරීම වෙනුවෙන් ඔබේ වටිනා අත්සන ලභාදෙන මෙන් ඉල්ලමු……
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය.

මම කිව්ව දේ කරන්න ඇයි පරක්කු වුණේ ? IMF යන ආණ්ඩුවෙන් රනිල් අහයි !
ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
අතීත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මෙවැනිම ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන ආර්ථිකය ගොඩ ගත් අවස්ථා ඕනෑතරම් තිබෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මේ අදහස් දක්වා සිටියේ සමාජ මාධ්‍ය සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසූයේ පමාවී හෝ මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විසඳුමක් නැති බව තමා දිගින් දිගටම සඳහන් කළ බවයි.

ඩලස් නිහඬයි : ජනාධිපතිව විවේචනය කළා කියා රූපවාහිනී නිවේදිකාව දොට්ට !
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
වාර්තා වන ආකාරයට ඒ, ඇය තැබූ ෆේස්බුක් සටහනක් පදනම් කරගෙන ය.
අදාළ නිවේදිකාව ජනාධිපති විවේචනය වන ආකාරයට තැබූ බව සඳහන් ෆේස්බුක් සටහන මෙසේය.
"දවසට වේලක් කන්න වෙරදරන රටේ, බහුතර මිනිස් ජිවිත ගැන , අල්ප මාත්‍රයක සංවේදීකමක්, මෙවන් බෝල් චරිතයකට සහය නොදැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන්, අදටත් ඇත්තේ නිහතමානී සතුටකි."
මේ සටහන හේතුවෙන් වැඩ තහනමට ලක්වූ පාරමී නිලේප්තා රණසිංහ නිවේදිකාව තම වැඩ තහනම සම්බන්ධයෙන් ද තවත් ෆේස්බුක් සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.
පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.
අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.
හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය.මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි...
සදාකල් යෙහෙන් වැජඹේවා..
නැවතුමක් නොවේ හැරවුමක් පමණි........
සිදුකර ඇති වැඩ තහනම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් මේ වන විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන කිහිපයක්ම නිවේදන නිකුත්කරමින් ඊට බරපතළ විරෝධයක් එල්ල කර ඇත.
මේ වන විට ජනමාධ්‍ය අමාත්‍ය ධූරය හොබවන්නේද හිටපු මාධ්‍යවේදියකු වන ඩලස් අලහප්පෙරුම වුවත් ඔහුද මේ ක්‍රියාව හමුවේ නිරුත්තර බවක් පෙන්නුම් කරයි.

ගෑස් ඉන්ධන හිඟය විසඳීමට වසර අවසන් වනතුරු ඉවසන්න - ඇමති චන්ද්‍රසේන
ජනතාව මේ වසර අවසාන වන තෙක් ඉවසීමෙන් සිටිය යුතු බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමිනි.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවට ඩොලර් ටිකක් එන බවත් එම ප්‍රමාණය පැමිණි වහාම ඉන්ධන මිල අඩු කරන බවත්ය.
එමෙන්ම එම කාලයේදී ගෑස් පෝලිම් අවසන් වනු ඇති බවත්, විදුලිය කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් පැවසූ ඔහු එම කාලය වන තෙක් ටිකක් ඉවසීමෙන් ඉන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ලොකුගේ පවිත්‍රා දුමී මොකද කරේ ? සෝලා පවර් අවුල ජොනී පෙන්වයි !
බොහෝ නිවාසවල, ආයතනවල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.
ඉදිරියේ දී ඒවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
තවද මෙසේ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
සූර්ය බලශක්ති පැනල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට මෙතෙක් එකතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට පවා සූර්ය බලශක්ති පැනල සවිකිරීම සිදු කලද ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම සඳහා මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේදී නිරීක්ෂණය විය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමු වීමෙන් අනතුරුව එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන ලදි.
ලොකුගේ පවිත්‍රා දුමින්ද මොකද කරේ ?
මෙම නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලි බල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෑත කාලීනව මෙකී ක්ශේත්‍රයේ කටයුතු කළ අමාත්‍යවරුන් නිසි ලෙස සිය වගකීම ඉටුකරාද යන ප්‍රශ්නය මෙහිදී පැනනගින බවයි.
රට තුළ විදුලි කප්පාදුවක් අඛණ්ඩව සිදුවන පසුබිමේ ඊට පෙර නිසි සූදානමක් පැවතියේ නම් මෙවැනි අඩුපාඩුවක් සිදුවිය නොහැකි බව ඔවුන්ගේ වැඩිදුර අදහස වෙයි.
එම නිසා මේ අඩුපාඩු විමසීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටු ස්ථාපිත කිරීමට සිදුව ඇති බවත් බලශක්ති අර්බුදයක් සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කර ගැනීමට අසමත්වීම අතිශය කණගාටුවට කරුණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

බැසිල් හැර විකල්පයක් ආණ්ඩුවේ නෑ : කැම්පේන් ඇරඹෙයි !
වර්තමානයේ රට මුහුණදී සිටින දරුණු අර්බුද ජාලය විසඳීමට බැසිල් රාජපක්ෂ හැර විකල්පයක් නැති බවත් ඔහුට සම කිරීමට කෙනෙක් නැති බවත් සඳහන් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත්කර ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ දැඩි අනුගාමිකයකු වන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මෙන්ම උදයංග වීරතුංග ඇතුළු පිරිසක් මේ සඳහා සමාජ මාධ්‍ය තුළ සක්‍රීයව ඇති බවත් මෙය බැසිල්ගේ ඊළඟ දේශපාලන පිම්ම වෙනුවෙන් දියත්කර ඇති බවත් ඔවුන් පවසයි.
මෙම ප්‍රචාරක යුද්ධය විපක්ෂය සමහ වන්නක් නොව මෙය රාජපක්ෂ කඳවුර තුළ මතුව ඇති තත්ත්වයන් සමග හැප්පී බලන්නක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
එසේම බැසිල් පාර්ශ්වය සිදුකරන මෙවැනි ප්‍රචාරක උපක්‍රම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බරපතළ අපහසුතාවට පත්වීමට ඉඩවැඩි බවත් ඔවුන් පවසයි.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයකට අත්සන් තැබේ......
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමට අත්සන් තබා ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

දිලිත්ගේ පත්තරේ කිව්වට : ජනාධිපති කිව්වේ නෑලු !
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට එකී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවට පළවෙන වාර්තා ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිකේෂ්ප කරයි.
ඒ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර ඇත.
ඉංග්‍රීසි පුවත්පතක පළ වූ වාර්තාවක් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ජාවලදී මූල්‍ය කරුණු හැර නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ජා නොකළ බවය.
එමෙන්ම වත්මන් මහබැකු අධිපතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට සහ රජයට පූර්ණ විශ්වාසයක් ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් වන පුවත වාර්තා කළ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත වන්නේ දෙරණ මාධ්‍ය ජාලයට අයත් " ද මෝනින්" පුවත්පත යි. දෙරණ මාධ්‍ය ජාලය කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ට අයත් අතර ඔහු ජනාධිපති ගේ සමීපතමයකු ලෙසත් ප්‍රකටය.

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?
ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි.
සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් විමසා සිටියේ ඊයේ (16) ජනාධිපති ජාතිය ඇමතූ අවස්ථාවේ දැක්වූ අදහස්වලට ප්‍රතිචාරයක් ලෙසය.
එහිදී සිය ෆේස්බුක් ගිනුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තැබූ සටහන පහත දැක්වෙයි.
අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.
නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.
ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.
රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි. ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. හයර් දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට හයර් දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.
කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.
ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.
අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.

පුටීන් යුධ අපරාධකරුවෙක් බව බයිඩ්න් කියයි
අර්බුද මධ්‍යයේ වුවද අමෙරිකාව සහ රුසියාව අතර පවතින හොද හිත පලුදු කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු, යුධ අපරාධකරුවකු බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.
යුක්‍රේන අර්බුදයේදී රුසියානු හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් ඝාතනය වීම හෙලා දකිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට එම ප්‍රකාශය නිකුත් කර ඇති අතර, එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබලතම වාග් ප්‍රහාරය ද එයයි.
යුක්‍රේනයේ “නයේ මරිපෝල්” නගරයේ පිහිටි විශාලතම රෝහල තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් සිය ගණනක් රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවත් එය කෘර ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.
යුක්‍රේනය වෙනුවෙන් ලෝක ප්‍රජාව එකමුතුව නැගී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම අදහස් දැක්වූයේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා සංවේදී ප්‍රකාශයක් සිදුකර පැය කීපයකින් පසුව වීම විශේෂත්වයකි.
එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුනේ රුසියාවට එරෙහිව තනිව සටන් වදින සිය රටට සහය ලබාදෙන ලෙසයි. යුක්‍රේන ජනාධිපතිවරයාගේ ආයාචනය පිලිගනිමින් ප්‍රහාරක ගුවන් යානා නාශක අවිඇතුලු තවත් අවිආයුද රැසක් සහ ඩ්‍රෝන යානා ද සමගින් යුද ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසා සිටී.

වගකීම කාටද ? කුසල් හෙළිකරයි !
පෝලිම් දිග ඇදෙන මේ සමාජ ආර්ථික කඩා වැටීමේ වගකීම කාටද? මැයෙන් සටහනක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා විසින් තබා ඇති අතර එය පහත දැක්වෙයි.
පෝලිම් දිග ඇදෙන මේ සමාජ ආර්ථික කඩා වැටීමේ වගකීම කාටද?
පැහැදිලිවම එහි වගකීම බාර ගත යුත්තේ රට සංවර්ධන කිරීමේ වගකීම ඉල්ලා ගත් රජයේ හා මේ ආණ්ඩුවේ ප්‍රධානියා සමග ඔහුගේ මැති ඇමතිවරුන්ය. දෑවුරුද්දක් කිසිදු සාර්ථක මූල්‍ය කලමනාකරණයක් නොවුනු ආණ්ඩුවේ ප්‍රධානීන්ය.
මේ ආණ්ඩුවේ නායකත්වය ගැන බහුතර ජනතාවකට තවදුරටත් විශ්වාසයක් නොමැත්තේ අර්බූද පෝලිම් දිග ඇදෙනවා මිස අඩුවක් නොවන බැවිනි.
නමුත් මේ අර්බූද වල නිර්මාපකයින් කවුරුන්දැයි ඇසුවහොත් ඒ දේශපාලකයින් පමණක්ම නොවේ. මා නිතර කියන අයුරු, දේශපාලකයින්ට තනිව යෝධ හොරකම් කළ නොහැක. සංවර්ධනයට කිසිදු සම්බන්ධයක් නොමැති විදේශ ණය මත ආරම්භ කෙරුණු හැම යෝධ දූෂිත ව්‍යාපෘතියකම පිටුපස ඉන්නේ අමාත්‍යාංශවල ඉන්නා ටයි පටි පළඳින රාජ්‍ය පරිපාලනයේ ලොකු නිලධාරීන් සමග අමාත්‍යාංශ ගණකාධිකාරීවරුන් සහ ටෙන්ඩර මණ්ඩලවල වාඩිවන සහ ඒවායින් අන්ත දූෂිත ව්‍යාපෘති අනුමත කරන ඉංජිනේරු, වෛද්‍ය, පරිඝණක තාක්ෂණ, නීතිඥ වැනි රජයේ හා පෞද්ගලික අංශයේ ප්‍රාඥයින් ලෙස පෙනී සිටින විශේෂඥ වෘත්තිකයින්ය.
ඔවුන්ද මේ සමාජ ආර්ථික කඩා වැටීමට දායක වූ නීල හොරුන් බව සමාජයට කිව යුතුය.
කුසල්
2022 මාර්තු 17

ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න : තවත් කෝටිපතියන් දෙදෙනෙකු !
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කළ අතර මේ වන විට ඊට තවත් දෙදෙනෙකු එක්කර ඇත.
මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ඔවුන් වනුයේ, අශෝක් පතිරගේ සහ මොහාන් පණ්ඩිතගේ ය.
ඒ අනුව අදාළ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

උග්‍ර ගෑස් හිඟයක් !
ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළ නිකුත් කිරීම අද (16) දින සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම පවසයි.
මුදල් ගෙවා ගොඩබා ගන්නා ලද ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට බෙදාහැර අවසන් වී ඇති බවත් සඳහන් වෙයි.
නමුත් තවදුරටත් කර්මාන්ත හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.
මෙට්‍රික් ටොන් තුන් දහස් පන්සියයක ගෑස් රැගෙන පැමිණි නෞකාවක් දැනට ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ නතර කර ඇති බවත් වාර්තා වෙයි.
මෙම නෞකාව සතියකට ආසන්න කාලයක් මෙසේ නවතා ඇත්තේ ගෑස් ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 10 පියවන තෙක්ය.
මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශලවල උග‍්‍ර ගෑස් හිගයක් මතුව තිබේ.
ඊට හේතු වී ඇත්තේ ලාෆ් සමාගමේ ගෑස් සැපයුමත් මේ වන විට මුළුමනින්ම ඇණහිට ඇති නිසාය.
ලාෆ් සමාගම පවසන්නේ බැංකු ණයකර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති බැවින් තමන්ට ගෑස් සැපයීමට නොහැකිව ඇති බවයි.

ආර්ථිකය හදන්න පුළුවන් බැසිල්ට විතරයි - පොහොට්ටු ලේකම්
බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ට ඇතැම් අය විවේචන එල්ල කරන්නේ මෙරට ආර්ථිකය ගොඩනගිය හැකි එකම පුද්ගලයා ඔහු බව දන්නා නිසා බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
තවලමක් ඉදිරියට යන විට ඊට සුනඛයන් බාධා කරන බවත් එම බාධාවලට තවලමේ ගමන නැවැත්විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත් කරන ලද දෙදෙනා හැර ආණ්ඩුවේ අනෙක් පක්ෂවල සාමාජිකයන් පොදුජන පෙරමුන හා සම්බන්ධව තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

බැසිල් ඉන්දීය පාර්ලිමේන්තුවේදී මෝදි අගමැති හමුවෙයි !
ඉන්දීය නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව අද (16) හමුවී ඇත.
ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
මෙම හමුවට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා වද අද උදෑසන හමුව තිබේ.
මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

සජිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි !
"අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා.
මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක් කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා." යැයි සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස (15) පැවසීය.
ඒ දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ අවස්ථාවේදීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.
ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.
අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.
Page 368 of 475