මෛත්‍රී පැජට් පාරේ නිවසින් එළියට !

 මෛත්‍රී පැජට් පාරේ නිවසින් එළියට !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත්ව යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ එළැඹෙන අලුත් අවුරුද්දෙන් පසුව ය.

හිටපු ජනාධිපතිවරයාට මහගමසේකර මාවතේ නිල නිවස භාවිත කිරීම වාරණය කරමින් ,ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් පැනවූ අතර, ඊට ගරු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ සිය නිල නිවසෙන් ඉවත් වන බව වාර්තා වේ.

ඔහුට රජයෙන් හිමිවිය යුතු නිල නිවසක් මෙතෙක් ලැබී නැති අතර,ඔහු මහගමසේකර මාවතේ නිල නිවසින් ඉවත්ව යන්නේ කොතනටද යන්න තවමත් නිශ්චිත නැති බවද දැනගන්නට ඇත.

මේ අතර ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් ව්‍යවස්ථානුකූලව හිමි යුතු නිල නිවසක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රජයේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න