රජය මගින් ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 664 දෙනකු බස්නාහිර පළාත තුළින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව පැවසීය.
ඊයේ (02) රාත්‍රී 10 සිට අද (03) අලුයම 6 දක්වා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොදු ස්ථාන ඊයේ (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ ගැසට් පත්‍රය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
