යහපාලන චෝදනාවකට ජාලිය ඇමරිකාවේදී වරද පිළිගෙන !

යහපාලන චෝදනාවකට ජාලිය ඇමරිකාවේදී වරද පිළිගෙන !

ඇමරිකාවේ සිටි හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය එරට අධිකරණයක් විසින් වරදකරු කරමින් නඩු තීන්දුවක් ලබාදී ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වූ සීනිව්ස් වාර්තා කර ඇත.

වඩාත් විශේෂ සිදුවීම වන්නේ මේ සම්බන්ධයෙන් වන චෝදනාව පසුගිය යහපාලන සමයේ ඉදිරිපත් වූවක් වීමයි.

එහිදී යහපාලන සමයේ දී මේ චෝදනාව දේශපාලන පළිගැනීමක් ලෙස ඇතමුන් සැලකූ බවත් සිහිපත් කළ යුතුව ඇත.

එසේම ජාලිය වික්‍රමසූරිය රටින් පිටව ගොස් අධිකරණ ක්‍රියාවලිය මඟහැර සිටි බව ප්‍රසිද්ධ කරුණක් විය.

කෙසේ වුවත් අදාළ පුවත අනූව අමෙරිකාවේ වොෂින්ටන් වගරයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට අදාළව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී ගොනු කර තිබු මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇත.

අමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව මෙම වරද සදහා වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඩයක් පැනවිය හැකි අතර මෙම තීන්දුවට දඬුවම් නියම කිරීම ජුලි මස 20 වෙනිදා සිදුකිරිමට නියමිතය.

2008 සිට 2014 දක්වා ඔහු ශ‍්‍රී ලංකාවේ ඇමරිකා හා මෙක්සිකෝ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු රාජපක්ෂ පවුලට ඥාති සම්බන්ධයක් ඇත්තෙකු ලෙසත් සැළකෙයි.

මේ සම්බන්ධයෙන් පළකර ඇති සීනිව්ස් පුවත පහත දැක්වෙයි.

jali

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න