හදිසි තත්ත්වය ඉවත් කරන්න : නීතිඥ සංගමය ඉල්ලයි !

හදිසි තත්ත්වය ඉවත් කරන්න : නීතිඥ සංගමය ඉල්ලයි !

මුළු රටටම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත්කළ නියෝගය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් මේ ඉල්ලීම සිදුකර ඇති අතර, එහිදී මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ හා පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත් අවධාරණය කර ඇත.

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු බාලපටබැදි නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න