ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
අදාළ ඉල්ලා අස්වීම අද (03) සිදුකර ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව ඕෂධ සේනානායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇත්තේ තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට ය.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.
එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
