Image

උතුරේ ගංවතුර : පවුල් 2788ක් අවතැන් !

උතුරේ ගංවතුර : පවුල් 2788ක් අවතැන් !

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් පළාතේ පවුල් 2788 කට අයත් පුද්ගලයින් 9161 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ දිස්ත්‍රික්කය තුළ පවුල් 1347 කට අයත් පුද්ගලයින් 4633 දෙනෙකු පීඩාවට ලක්ව ඇත.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 17 ක රඳවා තිබෙන අතර, රැඳවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2034 ක් වර්තමානයේ රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ද සඳහන්කර සිටියි.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4443 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 22 ක පුද්ගලයින් 3656 දෙනෙකු රඳවා සිටියි.

තවද මන්නාරම දිස්ත්‍රික්කය තුළද පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවද මන්නාරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් නිවේදනය කර සිටී.

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සැළසීම වෙනුවෙන් කිලිනොච්ච්ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් ඊයේ(22) සවස පවත්වා ඇති අතර ඊට කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න