Image

තවත් ජාතික ආණ්ඩුවක් අත ළඟ !

තවත් ජාතික ආණ්ඩුවක් අත ළඟ !

ජාතික ආණ්ඩු යෝජනාවක් හරහා කැබිනට් අමාත්‍යධුර ප්‍රමාණය 32ක් දක්වා වැඩි කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ යෝජනාව ලබන වසරේ පාර්ලිමේන්තු සභාවාරයේදී ගෙන ඒමට නියමිත බවද දැනගන්නට ඇත.

එම ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ඇති කර ගැනීම සැලසුම් කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට සහය ලබාදෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටද අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇතුළු පිරිස 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කර මන්ත්‍රීධුර හයක් ලබා ගත් අතර මඩකලපුවට පමණක් මුස්ලිම් කොංග්‍රසය යටතේ තරග කර ජාතික ලැයිස්තුවෙන් සෙයිඩ් අලි සාහිර් මවුලානා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක හැර නැතිනම් අමාත්‍යධුර 30ක් හා රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති ධුර 40ක් දක්වා සීමා කර ඇත. ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමැතිධුර 45ක් දක්වා වැඩි කළ හැකිය.

කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 46 වැනි වගන්තිය 4 (11) හි සඳහන් පන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ ජාතික ආණ්ඩුවක් පිහිවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණ කළ යුතු බවය.

එහි 5 වැනි වගන්තියේ 4 වැනි අනු ව්‍යවස්ථාවේ කාර්යයන් සඳහා ජාතික ආණ්ඩුවක් යනුවෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමක් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව බව සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න