Image

සුදීප් වෑගපිටිය යුරෝපා ප්‍රවීණයින් ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී(European Masters Athletics Championship 2026)  රිදී පදක්කම දිනාගනී

සුදීප් වෑගපිටිය යුරෝපා ප්‍රවීණයින් ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී(European Masters Athletics Championship 2026)  රිදී පදක්කම දිනාගනී

පසුගියදා පෝලන්ඩ් හි පැවති (European Masters Athletics Championship 2026) යුරෝපා ප්‍රවීණයින් ගේ මලල ක්‍රීඩා  තරගාවලියේ දී M35 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සුදිප් වෑගපිටිය සමත්විය විය.

සුදීප් මීට පෙර 2008 වසරේ දී ශ්‍රී ලංකා ජාතික පාසල් හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම සහ 2008 Sri Lanaka National Youth Games - Under20 රන්පදක්කම දිනාගත්තේ ය. ඔහු මේ වන විට ජීවත් වන්නේ ස්වීඩනයේ ය. හෙතෙම මෙවර මෙම තරගය සඳහා තරග වැදුණේ ස්වීඩනය නියෝජනය කරමිනි.

එමෙන් ම සුදීප් කොළඹ විශ්වවිද්‍යාලයේ  ( UCSC ) පරිඝනක විද්‍යා උසස් අධ්‍යාපනය ලබා ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ ද කැපී පෙනන දක්ශතා පෙන්නුම් කර ඇත. හෙතෙම 2011 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මෙන් ම එම වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ නව තරග වාර්තාව පිහිටු වීමට සමත් විය.

තව ද හෙතෙම 2010 වසරේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලිය, අන්තර් විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරග, කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා වර්ණ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා වර්ණ සහ ජයග්‍රහණ රැසක් දිනාගත් ක්‍රීඩකයෙකි.

samiraසමීර මදුසංක හේවා ගමගේ 

 

 

 

sp

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න