නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර  පැවසීය.

ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක, ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත

කෑගල්ල දිස්ත්‍රික්කය - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක

රත්නපුර දිස්ත්‍රික්කය - ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය- ඇල්ල, හාලි ඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය - යක්කලමුල්ල, නියාගම

කළුතර දිස්ත්‍රික්කය - බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය - ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න