Image

BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි

BOI වැඩබලන සභාපති ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු  වන ආචාර්ය ජයවර්ධන, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ නිළධාරියෙකි.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන වැඩ ආරම්භ කිරීම කොළඹ 01 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී අද (08) සිදු කෙරිණි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් ඇතුළු ඉහල නිළධාරීන් සහභාගි වූහ.

 

|Adaderana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න