එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පසුගියදා දිවුරුම් දුන් ඇමැතිවරුන් කිහිප දෙනකු ‘ඩමි’ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී කටයුතු කරන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇමැති ධුර ලබා දීමට ප්‍රතික්ෂේප කළ සරත් ෆොන්සේකා, පාලිත රංගේබණ්ඩාර හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ පියසේන ගමගේ, ඒ. එච්. එම්. ෆවුසි, විජිත් විජයමුනි සොයිසා යන අය වෙනුවෙන් මෙම ‘ඩමි’ ඇමැතිකම් පත්කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහට හිතවත් මන්ත්‍රීවරුන්ට මෙම ඩමි ඇමැති ධුර ලබා දී ඇති අතර පක්ෂ නායකත්වය දන්වන ඕනෑම අවස්ථාවකදී ඔවුන් සිය ධුරවලින් ඉවත් වීමට කැමැත්ත පළකර ඇත.
එම ඩමි ඇමැතිකම් ලබා දී ඇත්තේ ඇමැතිධුර ප්‍රතික්ෂේප කළ මලික් සමරවික්‍රම, තිලක් මාරපන හා සාගල රත්නායක යන අයට බව වාර්තා වේ.
[ අරුණ]
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
