පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ ජනවාරියේ යුරෝපයේ හා ඇමෙරිකාවේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වේ.
එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි උත්සාහක නිරතවෙමින් සිටින අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ආධාර කරන ලෙස ඉල්ලා සිටීමට සැලසුම් කර තිබේ.
එහිදී පසුගිය දෙසැම්බර් 17 වැනි දිනට ඇමෙරිකාවෙන් ලබාදීමට තීරණය කර තිබූ එම්.සී.සී. (millennium challeng corporation) යටතේ ප්‍රවාහන හා ඉඩම් ප්‍රතිස්ථාපනයට අදාළ ණය මුදල වූ ඩොලර් මිලියන 480ක මුදල යළි ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත ය.
පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඇති වූ දේශපාලන අර්බුදය සමග අදාළ අරමුදල ලබාදීම නැවැත්වීමට ඇමෙරිකාව කටයුතු කළේය.
ඊට අමතරව අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ලබාදීමට 2016දී අනුමත කළ ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ සතර වැනි වාරිකයද මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නවතා දැමීම නිසා ඊට අදාළ ඩොලර් මිලියන 250 යළි ලබා ගැනීමට සාකච්ඡා කිරීමටද මෙම සංචාරයේදී කටයුතු සැලසුම් කර ඇත. එම ණය මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදෙන අතර ඒ යටතේ ඉන්ධන මිල සූත්‍රය හා බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ. යහපාලන ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීමටද සෑම පුද්ගලයකුටම බදු ලිපි ගොනුවක් සකස් කිරීමටද කටයුතු සූදානම් විය. එහෙත් ඔක්තෝබර් 26 දින පත් වූ අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේය. එහෙත් පසුගිය 20 වැනි දින පත්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ මංගල සමරවීර සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේදී ප්‍රකාශ කළේ යළිත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවයි.
මෙම තත්ත්වය මත අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදුන් කොන්දේසි හා ඇමෙරිකානු ණය මුදල ලබාදීමට ලබාදුන් කොන්දේසිවලට නිසි ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු අමාත්‍යවරයාගේ ඇමෙරිකානු හා යුරෝපා සංචාරය සිදු කිරීමට නියමිතය.
එම සංචාරයෙන් පසු 2019 ට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. මෙම විදේශ ණයවලින් ඩොලර් සංචිතය වර්ධනය කරගෙන රුපියල ස්ථාවර කර ගැනීමට ද සැලසුම් සකස් කර තිබේ.
කෙසේ වෙතත් මෙම ආධාර මුදල් නොලැබුණහොත් යෝජිත අයවැයෙන් සහන ලබා දීමට නොහැකි වනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය.
(අරුණ )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
