හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙයි !

හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙයි !

දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් නව සන්ධානයක් එළිදැක්වීම අද (ජන. 11) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු විය.

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම සන්ධානය තරග කිරීමට සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී.

නමුත් මේ වනවිට ඔවුන්ට පලාත් පාලන මැතිවරණයට අපේක්ෂක ලයිස්තු සකස් කිරීමේදී ගැටළු පැන නගී ඇත.විශේෂයෙන්ම විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ට මෙම ගැටළුව උද්ගතවී ඇත.

මොවුන් සමග සිටි පලාත් පාලන මන්ත්‍රීවරුන් බොහෝදෙනෙකු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබවේගයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම සන්ධානයේ තේමාව වන්නේ "බලය අල්ලමු" යන්නයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මෙම සන්ධානගත විමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණත් පිරිස් එකරැස් කරගැනීමේ අපහසුතාවය නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම සන්ධානගත වීමේ උත්සවය පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න