මගේ සිංහල කතාව උඹට නොතේරෙන බව දනිමි.
උඹේ දෙමළ කතාව ද මට නොතේරුණ බව දනිමි.
උඹ ලියපං. බය නැතිව උඹ ලියපං
එක දිගට ම උඹ ලියපං
වෙඩි උණ්ඩ කාලතුවක්කු මොනවද බං
පෑනකින් එළියට එන වචන ළඟ
මිනිස්සු වචනවලට හරිබයයි බං
කැඩපතක් කොට වචන
අල්ලපං උතුරට ද දකුණට ද
හරි බයයි බං මිනිස්සු ඇත්තට
එක අතකින් බලනකොට
වෙන මොනව නම් උඹ ලියන්න ද
බංකර් ඇතුළෙ කළුවර
බයෙන් තිගැස්සුණු හිත්
අහස දිහා බල බලා
මර බයෙන් ඉස්කෝලෙ ගිය
අනේ බාල ළමෝ සුන්දර
අප්පා ද නැත
අයියා ද නැත
අක්කා හරිම ලස්සන
කෝ කොහිද රතු පාට තිලකය
ගෙයක් නැත
දොරක් නැත
තල්ගස්වල අගිස්සත් නැත
මූසල ය
වෙඩි බෙහෙත් ගඳ ය
අපි අපිම තර තරගෙට
වෙඩි තියා ගත් හැටි
ඉතිං නොලියා කොහොමද
මග අරින්නේ මොකටද
උඹ ලියහං
ලියල ලියල මැරියං
මේ මං සිංහලයා දෙමළ උඹෙං
සමාව ඉල්ලනවා මස්සිනේ
තහනම් කරපු පොත්
පියාඹන කුරුල්ලන් සේ
හෙට අනිද්දා පියාසලනු ඇත.
තිරු කුරල් පොත අරින්න දෑස පියාගන්න මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න
Sarath Premathilaka.
හක්මන ප්‍රාදේශීය සභාවේ දී
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
