2026 වසරේ ශුද්ධ වූ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 325 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම ඊයේ (01) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියේය.
මෙම ගමන සනිටුහන් කරමින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි , ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි,ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් සහභාගී වූහ.
වන්දනාකරුවන් රැගත් සෞදියා ගුවන් සේවයට අයත් එස්.වී.- 839 (SV-839) දරන විශේෂ ගුවන් යානය අද රාත්‍රී 09.05 ට ජෙඩා නුවර බලා සිය ගමන ආරම්භ කළේය.
2026 වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් වන්දනාකරුවන් 3,500 දෙනෙකු තෝරාගෙන ඇත. මෙම පිරිස මක්කම වෙත ප්‍රවාහනය කිරීම සඳහා සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවය ද එක්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
