Image

මේ ජාවාරම් කාරයින් ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා - චරිත හේරත් (වීඩියෝ)

මේ ජාවාරම් කාරයින් ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා - චරිත හේරත් (වීඩියෝ)

මාලිමා ආණ්ඩුව හොරකම් කරන ජාවාරම් කාරයන්ගේ ආණ්ඩුවක් බවත්, මේ ජාවාරම් කාරයින් ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා යැයි මහාචාර්ය චරිත හේරත් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ මැයි දින රැළියට සහභාගි වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත්...

''මේක හොරකම් කරන ජාවාරම් කාරයන්ගේ ආණ්ඩුවක්. මේ ජාවාරම් කාරයන්ගේ ආණ්ඩුවට මධ්‍යම පන්තිය රැවටුණා. අපේ අසල්වැසියා රැවටුණා. ඒ අය අපේ ළඟට ගන්න අවශ්‍යයි. ඒ දේශපාලනයට අවශ්‍ය විවෘත ප්‍රධාන සම්මුතිය සෑදිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව සිහිපත් කළ යුතුය. සංවර්ධනය, ආර්ථික ප්‍රතිසංස්කරණය, දේශපාලන ප්‍රතිසංස්කරණය සදහා වූ එකම නවාතැන සජිත් ප්‍රේමදාස බව මේ රටේ මධ්‍යම පන්තියට බුද්ධිමත්ව පැහැදිලි කළ යුතුය. ඒ වගේම මේ රටේ වාම වාදයට,  මධ්‍යස්ථ වාදයට, ජාතික වාදයට අපේ කදවුර විවෘත බවද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

මතු පළ වන්නේ එම අවස්ථාවේ මහාචාර්ය චරිත හේරත් කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න