මන්ත්‍රීවරුන් 30 කට වැඩියි : විපක්ෂයේ අලුත් සන්ධානය සූදානම් !

මන්ත්‍රීවරුන් 30 කට වැඩියි : විපක්ෂයේ අලුත් සන්ධානය සූදානම් !

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් නිදහස් ජනතා පෙරමුණ නම් නව දේශපාලන සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එම සන්ධානයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 30 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරනු ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කන්ඩායම් 10ක් විසින් පිහිටුවීමට සැලසුම් කර ඇති නිදහස් ජනතා සන්ධානයට අදාළ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේදී කොළඔදී පැවත් වුණි.

අදාළ සන්ධානය ගැන අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසා ඇත්තේ, "ඉතාමත්ව ප්‍රබල සංධානයක් හැදෙනවා. ජනතාව වෙනුවෙන්.." යනුවෙනි. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත්තේ, "ලාංඡනය උඩින් යන්නේ.. හෙලිකොප්ටරය වගේ එකක්." යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න