Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වන විශේෂ රැස්වීම් මාලාවේ පළමු අදියරය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන අද (14) උදෑසන පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙහිදී වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්ත්වය සහ ආණ්ඩුව විසින් ප්‍රධාන දේශපාලන නායකයින් ඉලක්ක කර ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් ම වර්තමාන රජය ඔවුන්ගේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ මැදිහත්වීමෙන් විපක්ෂය දුර්වල කිරීමේ ප්‍රධානම අරමුණක් ලෙස රනිල් වික්‍රමසිංහ එල්ල කර ගෙන සෘජුව ම පහර ගසමින් සිටින බව සියල්ලෝ ම දන්නා කරුණකි.
ජාතික නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මේ රට වෙනුවෙන් කර ඇති සේවය ඇතැම් අයට අද අමතක වී තිබීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි.
“කර්මාන්ත උපාය මාර්ගික සැලැස්ම” එළිදැක්වීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියාකලේ ය.
බියගම සහ සීතාවක ආයෝජන කළාප ආරම්භ කිරීමට මුල් වූයේ රනිල් වික්‍රමසිංහ ය. සපුගස්කන්ද කර්මාන්ත කලාපය ආරම්භ කළේ ය. බිංගිරිය ආයෝජන කළාපය ද ස්ථාපිත කළේ ය. කොග්ගල සහ පල්ලේකැළේ ආයෝජන කළාප ආරම්භ කිරීමට මුල් වූයේ ද රනිල් වික්‍රමසිංහ ය.

හෝටල් සඳහා සහන ලබාදීමට රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළේ 1991 දී ය. රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත “ඉන්ෆෝ ලංකා” ප්‍රදර්ශනය ආරම්භ කළේ ය.
දරුණු කඩාවැටීමකට ලක්ව වර්ෂ 2001 වන විට සෘණ අගයක් ගෙන තිබූ රටේ ජාතික ආර්ථිකය යළි ගොඩගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි.
වර්ෂ 2003 දී ටෝකියෝ ආධාර සමුළුව හරහා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 45,000ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට ක්‍රියා කළේ රනිල් වික්‍රමසිංහ ය.
එවකට රට පුරා ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන් ම අවසන් කර පැය 24 ම විදුලිය සැපයීම සහතික කළේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ රජය යටතේ ය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී (2017 -2018) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ඇති කිරීමට ක්‍රියාමාර්ග ගත්තේ ය. 2022 – 2024 කාලයේ දී ජනාධිපතිවරයා වශයෙන් එවැනිම ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කළේ ය.
සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ආධාර ලබා ගැනීමට ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට හැකියාව ලැබුණේ ය.
විශේෂයෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවම උග්‍ර ආර්ථික සහ දේශපාලන අර්බුධයට මුහුණදුන් 2022 – 2024 වකවානුවේ දී කැපී පෙනෙනම කාර්යභාරය ඉටු කළේ රනිල් වික්‍රමසිංහ ය. ඉන්ධන, ගෑස්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ජනතාව අතර එකිනෙකා පරයන තරගයක් පවතිද්දී පෝලිම්වල මිනිස්සු මිය ගියහ. මහ මග ගහමරා ගැනීම් සිදුවිණි.

ඉහත කාලපරිච්ඡේදය මෙරට ඉතිහාසයේ සනිටුහන් වන්නේ ජනතාවට හෙටක් ගැන සිතීමට අවස්ථා නොතිබු අතිශය අඳුරු වකවානුව ලෙස ය. ඒ අවස්ථාවේ දී දේශපාලන නායකත්වය මෙන්ම රජයේ ප්‍රධානී ලෙස ද රනිල් වික්‍රමසිංහ ගේ කෘතහස්ත දැනුම, පළපුරුද්ද මනාව ප්‍රකට කෙරිණි. රට බංකොලොත්භාවයෙන් මුදාගත්තේ ය. අවිනිශ්චිත ජන ජීවිතය යථාතත්ත්වයට පත් කළේ ය.
ඉන්දියන් සාගර සමුළු කිහිපයක් ම අමතමින් කළාපයේ අනාගත තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් මේ වනවිට ඉහළින් ම ඇගයීමට ලක්වෙමින් පවතී. රාජ්‍ය නායකයින් සමග රනිල් වික්‍රමසිංහ ගේ තිබෙන සමීප දැන හැඳුනුම්කම් අමුතුවෙන් සඳහන් කළ යුතු වාසි සහගත තත්ත්වයක් නොවනු ඇත.
මෙවැනි සුවිශේෂි මෙහෙවර බෙහෝමයක් රට වෙනුවෙන් කර ඇති රනිල් වික්‍රමසිංහ ගෙන් තවදුරටත් ප්‍රයෝජන නොගෙන ඔහුව සිරගත කිරීමට උත්සාහ දැරීමම වත්මන් පාලකයින් ගේ ප්‍රධානම දුර්වලකම ලෙස අපට සිතිය හැකි ය.
මෙම රැස්වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන්, පක්ෂ කළමණාකාරවරුන්, ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සම්න්ධ වී සිටි අතර අද සහ හෙට දින තුළ ගාල්ල දිස්ත්‍රික්කය ම ආවරණය වන පරිදි මෙම රැස්වීම් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත.


